විසි දෙවැනි දිගහැරුම ....💝

1.7K 418 132
                                    

💝💝 Because of you 💝💝........

🌞🌞🌞🌞🌞

තවත් අලුත් දවසකට හිරු උදාවෙමින් තිබුනි..... පෙරදා සිදුවූ සිදුවීම්, හිත්‍ රිදීම් , සියල්ල මොහොතකට අමතක කර දමා හිරු උදාගිරින් නැගෙමින් තිබුනි... ගම්බා අහසත් හිරුට නතුවන්නට මෙන් මීදුම් තිර හකුලමින් සිටියේය.... තද සීතලක් නැතත් මල් තුහිනයක් හැමදාමත් පාන්දරට පොළොව සිපගනී... හිරු එබෙන්නට පෙරත් ගැමියන් තම තමන්ගේ රාජකාරි සදහා පිටව යන්නේ කිසිම කම්මැලි කමකින් තොරවයි....

යීබෝට දින කිහිපයකට පසු යලිත් ලැවැන්ඩර් මල් සුවද හා අමුතුම කිරි සුවද නාස්පුඩු වලට දැනෙන්නට පටන්ගත්තේය ...යීබෝ වෙනදාට ඔය සුවඳ දිගේ පැන්ට්‍රිය අසලටම ගියත් අද එක්වරම දැනුනු කපටි සිතුවිල්ලක් නිසා දෑස් පියාගෙනම නිදිමෙන් සිටියේය ...වෙනදා මෙන් නොව ඒ සෙනෙහස ඉදිරියේ ඉදහිට දගකාරකම් කරන්නට යීබෝට දැන් සිතෙයි....ඉතින් සැබෑ ආදරයක් ඉදිරියේ පාලුවී කෙඩෑරි වී ගිය හිතකට එසේ වන්නට නොහැකිද?....

විනාඩි පහක් ගතවිය.... කිරි මග් වලට වත්කරන හඩ යීබෝට ඇසුනි.... තවත් තත්පර කිහිපයකින් හොරට අඩිය තියමින් බටු ඇටේ කාමරයට එන හඩ ඇසෙන්නට විය... දැන් ඒ හඩ ‍යීබෝගේ මූණ අසල නතරවිය....තත්ත්පර කිහිපයක නිහැඩියාවක් සමග යීබෝගෙ මුහුණට ලඟින්ම ඒ සුසුමන් දැනෙන්නට පටන්ගත්තේය .....

ඔන්න ඉතින් එක් ඇඟිල්ලක් ඇහිබැම උඩ නතරවිය... ඉහල සිට පහලට ඇහිබැම දිගේ ඇඟිල්ල රූටා ගියේය .. ඉතින් දැන් ඒ ඇඟිල්ල අනිත් ඇහිබැම දිගේ එලෙසින්ම ගියේය .... ඉන්පසුව දැන් ඇඟිල්ල කම්මුල මත නතරවිය... කෝදුරුවකු මෙන් මොනවදෝ මුමුණන්නට පටන්ගත්තේය ... යීබෝ හොදින් ඇහුම්කන් දුන්නේය ....

" මං ආසම මේ කම්මුලට...... ඔන්න එබෙනවා...... කපු පුලුන් කොට්ටයක් වගේ...... සිනිදුයි...........හපන්නත් හිතෙනවා .......... මගෙනෙ ඉතින් ......... "

යීබෝට හිනා යන්නට ආවත් ඉක්මනින් සිනාව ගිලගත්තේය ......

" ඩොක්......... නැඟිටින්න ........ කෝ................මගෙ ඩොක්........"

ඇත්තෙන්ම නින්දේ සිටින්නකු නම් මදුරුවෙක් යැයි සිතා අනෙක් පැත්තට හැරෙනු නොඅනුමානය .... ඒ හඩ ඒ තරම් හෙමින් ඇසෙයි..... තවත් ටිකවෙලාවක් නිහඩව සිටි යීබෝ අර රසම රස කිරි එක නිවෙන නිසාවෙන් ඇස් හැරියේය ... එක්වරම දුටුවේ නීල පලිඟු වන් දෙනෙත් ය... ඉතින් දවස සාර්ථක වන බවට සැකයක් නැත....

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now