හත්වෙනි දිගහැරුම ....💝

1.9K 442 264
                                    

💝💝 Because of you 💝💝.....

",අන්න දැන් පැය බාගෙක විතර ඉදලා අතන හිටගෙන ඉන්නවා......"

වෝඩ් රවුන්ඩ් ගොස් ආ යීබෝට චාඕ සිනාසෙමින් කීවේය ...

" තාම තුනහමාරයිනේ.... කලින්ම ඇවිත්... බලන්නකො ඇවිත් ඉන්න ලස්සන කුමාරයා වගේ ..."

චාඕ යලිත් කීවේය ... යීබෝ සිනාසෙමින් මේ බලා සිටින්නේද ඒ සුන්දරත්වය දෙසයි.... ලා රෝස පැහැති ජර්සියක් හැද සිටින බටු ඇටය කොයිතරම් ලස්සනදැයි යීබෝට සිතුනි......

" බයික් එකේ යන්න යීබෝ . 4:10 බස් එක ගිහිල්ලා ආපහු ඉක්මනට එනවා ... වැඩ ටික කරගන්න ටයිම් එකක් නැති වෙයි ... ඔයා කෝල් වගයක් ගන්නත් ඕනේ කිව්වනේ .... "

චාඕ බයික් එකේ යතුර දුන්නේය... හතරට යන්න සිතාගෙන හිටියත් ... කලින්ම ඇවිත් එහෙට මෙහෙට පැද්දී පැද්දී සිටින සීන් ව දුටු නිසා යීබෝ තුන හමාර වන විට ක්වාටස් එක දෙසට ගියේය...

" ඔයා ඉතින් කලින්ම ඇවිල්ලා ඇයි මෙතන හිටියේ ... එන්න එපැයි ඔෆිස් එක ඇතුලට ..."

යීබෝ පසුපසින් ක්වාටස් දෙසට ඇවිදගෙන එන සීන් ට කීවේය ...

" කමක් නෑ මම මෙතනට වෙලා හිටිය බස් එක ගියොත් නතර කරගන්න...."

සීන් කීවේය ..

" අපි බයික් එකේ යමු ... එතකොට ඉක්මනට එන්න ඕනේ නෑනේ ..මට තව පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා කරගන්න ...."

ක්වාටස් එකේ දොර අරින අතර යීබෝ කීවේය ...

" ඩොක්... ඔයා මාව වට්ටන්නෙ නැතුව එක්ක යනවා නේද ....."

සීන් තරමක කුතුහලයෙන් යුතු ඇසුවේය...

" ඔයා කිසි දේකට බයවෙන්න එපා සීන් .. මට හොඳට බයික් පුළුවන් ..."

ඒ මුහුණෙහි ලස්සන හිනාවක් ඇඳෙනු යීබෝ දුටුවේය ...

" ඉන්න ටාර් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම්....."

යීබෝ ඉක්මනින් නානකාමරයට ගියේය ...

**********

" බඩු ගන්න යන්න කලින් සීන්ට මොනවද කන්න ඕන......"

බයික් එක නතර කර ෂීෂෑන්ග් නගරය පුරා දෙනෙත් යවමින් යීබෝ ඇසුවේය ...

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now