දාහත්වෙනි දිගහැරුම ...💝

2K 424 215
                                    

💝💝 Because of you 💝💝.....

සවස සුපුරුදු පරිදි සීන් ජිල් පොලට ගියේය ... වෙනදා මෙන් නොව යීබෝ ලඟට විත් යන්න දැයි ඇසුවේය ...

" ගිහින් එන්න.... ඉතින්....."

ඒ නිදහසට වැට බදින්නට යීබෝට උවමනාවක් නැත.... ආදරය කරද්දී තම ආදර වන්තයාට හෝ ආදර වන්තියට ඔවුන්ගේ විදිහට ජීවත්වීමට ඉඩදීමත් බැදීමක් ශක්තිමත් කල හැකි ක්‍රමයකි ... යීබෝ ඒවා තදින්ම විශ්වාස කලේය... තමන්ට අවැසි චරිතය ඔහු තුලින් දැකීම නොව ඔහුගේ සැබෑ ස්වරූපයට ගරුකිරීම කල යුතුය... ඉතින් මිටින් හල කුරුල්ලකු මෙන් සීන් රෝහලේ සිට පල්ලම් බැස්සේය ..

අද යීබෝ ක්වාටස් එකට යනවිට තරමක් ප්‍රමාද විය... චාඕ කලින් පිටත්වූයේ මෙන්ලි සමඟ නගරයට යෑමටයි... නිවසට ඇතුල් නොවීම යීබෝ ගල් පඩිය අසලට ගියේය ... මද අඳුරත් පැතිරෙද්දී සීන් තවමත් එතැනයි... විනාඩි දෙකක් වත් ගියේ නැත සීන් රෝහල දෙස බැලුවේය... යීබෝව දුටු සැනින් බින් අසලට ගොස් කුමක් හෝ කීවේය ... පසුව එක හුස්මට කන්ද උඩට දුවන්නට පටන්ගත්තේය .... රෝහල් ගෙට්ටුවෙන් ඇතුලුවී ක්වාටස් දෙසට එන්නට විනාඩි පහක් පමණ ගතවේ ... යීබෝ සීන් එනතුරු නිවස තුලට ගොස් සැහැල්ලු ඇදුමකට මාරුවිය....

තේ හදන්නට කෙට්ට්ල් එක ගසා හැරෙනවිටම සීන් දොරකඩින් මතුවිය...

" යන්න වොෂ් දාන්න..."

සීන් සිටියේ කිලිටු හාවෙක් ලෙසිනි... ඒ නිසාම යීබෝ ඔහුව වොෂ් රූම් යැව්වේය...

🌟 🌟 🌟

" ඩොක්...."

" කියන්න බට්ටො..."

යීබෝ රෝහලේ වාර්ථා කිහිපයක් පරීක්ෂා කරමින් සිටියේය ... එවන් අවස්ථාවලදී ඔහු උපැස් යුවලක් භාවිතා කරයි ...

" ඇයි කණ්නාඩි දාන්නෙ ..."

" මෙහෙම පොඩි අකුරු බලනකොට ඇස් දෙක රිදෙන නිසා ...."

යීබෝ වාර්තාව වෙතටම දෙනෙත් යොමු කරමින් පැවසුවේ ය..කාමරයේ ඇති කුඩා මේසය අසල වාඩි වී සිටි යීබෝ අසලින් සීන් සිටින්නේ හිටගෙනයි... පුටු ඇන්දට අත තබාගෙන ඔහුගේ ඇඟට හේත්තු වී සිටින සීන් හිමීට ඔහුගේ අත යීබෝගේ ගෙල අසලින් තැබුවේය .... යීබෝට එය තේරුනත් ඔහු නිහඩව ලිපිගොනු අතරටම දෑස් යොමුකරගෙන සිටියේය ..දැන් සීන් ඔහුගේ ඇඟිලි යීබෝගෙ ගෙල මත එහා මෙහා ගෙනයයි... ....යීබෝගෙ මුවඟට සිනාවක් මතුවිය....

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now