විසි එක්වෙනි දිගහැරුම ....💝

1.8K 412 96
                                    

💝💝 Because of love you 💝💝.....

🌞 🌞🌞🌞🌞

ගම්බා අහසට හිරුත් ඇවිදින් රැසුත් විහිදුවා හෝරා දෙකක්වත් ගත්වී අවසන් ය.. පාන්දර තුන වනතුරුත් යීබෝගෙ හිස අතගාමින් අඩමින් සිටි සීන් තවමත් තද නින්දේ පසුවෙයි .... යීබෝ අවදිවන විට වෙනදාට වඩා තද හිරු රශ්මියක් කාමරයට වැටී තිබුනේය .. ඒ වගේම සීන්ගේ කුඩා පපුවෙහි රස්නය යීබෝගෙ මුහුණට දැනෙන්නට පටන්ගත්තේය ... සිදුවීම් එකින් එක සිහියට එද්දී පෙරේදා රාත්‍රියේ සීන් මින් හට පහර දුන් අයුරු යීබෝට සිහිවිය.. එමෙන්ම ඒ දෑස් කේන්තියෙන් රතුවී තිබුනු අයුරු සිහිවී පපුව තුල අමුතු හැඟීමක් ඇතිවිය..

" මගෙ මැණික ..... චූටි චන්ඩියෙක් ...."

යීබෝ සෙමින් සීන්ගේ පපුව සිඹ මදක් උඩට විත් ඔහුව පපුව මතට ගත්තේය ...තවත් ටිකවෙලාවක් කල්පනා කරමින්ම ඇදටම වී සිටියේ හිසට දැණුනු බර ගතියත් ගතට දැනෙන වෙහෙසත් නිසාවෙනි ....

පෙරේදා රාත්‍රියේ සිදුවූ සිදුවීම ඇත්තෙන්ම යීබෝ මේ ලෝකයේ පිළිකුල් කරන සිදුවීමකි... දෙවැනි වතාවටත් සිදුවන්නට ගියේ පහත් මාන්සික මට්ටමක සිටින කාන්තාවකගේ ගොදුරක් බවට පත්වන්නට යෑම නොවේදැයි යීබෝ කල්පනා කලේය ... එම සිදුවීමෙන් ඉදිරියට වැඩිපුරම හානි සිදුවන්නේ තමන්ට නොව මේ අහිංසකයාට බව යීබෝට සිහිවිය... සීන්ගේ සහෝදරිය නූගත් , අනුවන ස්ත්‍රියකි.... ඉතින් ඇය ඉදිරියේදී සීන්ට කුමක් හෝ කරදරයක්
කරාවිදෝයි බියක් ඔහුගේ සිතෙහි ඇතිවිය....

අනෙක් අතට මින්....... යීබෝ ඒ මුහුණ හොදින් මතක්කලේය... ඔහු පෙනුමෙන්ද සල්ලාලයෙක් බව සිතිය හැකිය... ඩොක්ටර් යූ ෂියැන්ග් හට කතාකර කුමක් හෝ විසදුමක් ලබාගන්නා තුරු යලිත් ලියින්ග් සමඟ ගැටලු ඇතිකර නොගන්නා ලෙසට මෙන්ලිට පැවසිය යුතුයැයි යීබෝ සිතාගත්තේය ... ඒ සියල්ල අතර අද අනිවාර්යයෙන් පියාට කතාකල යුතුය... ඒ සොයුරියගේ ගැටලුව පිළිබදවයි....

ජනේල් කවුලුව දෙස බලාගෙන කල්පනා කරමින් සිටි යීබෝට සීන් අවදිවී තමන් දෙස බලාගෙනම සිටින බව දැණුනි...හිස ඇලකර සීන් දෙස බලද්දී ඔහුගේ දෑස්වල කදුලු පිරී තිබෙනු යීබෝ දුටුවේය ...

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now