flashback ⏰

57 8 13
                                    

Flashback

"ජූන් මොනාද ඔය කරන්නේ??"

"හෙට තියන ඉන්ටර්විව් එකේ ඩොකියුමනට් එක බැලුවේ හ්‍යොන්ග්.."

අද හවස තිබ්බ ටීවී ශෝ එක ඉවර කරලා කොල්ලො ටික ඩෝම් එකට යන ගමන් හිටියේ.. මහන්සියටම වෙන කොහෙටවත් නොයා කෙලින්ම ඩෝම් එකට යන්න කට්ටිය තීරණය කලේ හෙට තව ඉන්ටර්විව් එකක් තියන නිසා..

"මොකක්හරි අවුලක්ද??"

"අහ් නෑ නෑ.. නිකන් බැලුවා"

ජූන් ඩොකියුමනට් ටික බලන අතරේ අනිත් අය එයාලගේ වැඩ.. සුගා සීට් එකට ඔලුව තියන් නිදාගෙන ඉන්න අතරේ ජින් කුකී එක්ක ගේම් එකක් ගහනවා.. හොබී ජිමින් ඉයර් ෆෝන් දෙකත් කනේ ගහන් වෙනමම ලෝකෙක.. ඒ අතරේ වැහුන ශටර් එකෙන් එලිය බලන් ගිය ටේ බලන් හිටියේ පාරේ ඒ මේ අත දුවන මිනිස්සු දිහා.. ජීවත් වෙන්න කන කට්ටක් කියලා හිතන ගමන් ටේගේ ඇස් ගියේ ඉස්සරහා කලර් ලයිට්වල පාර ක්‍රොස් කරන්න හිටගෙන හිටිය ගෑනු ළමයෙක් දිහාවට..

අවුරුදු 5ක වගේ පෙනුමක් තිබ්බ කෙල්ල හිටියේ උඩ පැන පැන

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

අවුරුදු 5ක වගේ පෙනුමක් තිබ්බ කෙල්ල හිටියේ උඩ පැන පැන.. දකින ඕනේ කෙනෙක්ගේ අවධානේ කෙල්ල ගන්නේ ඒ තිබ්බ හුරතල්කම නිසා..

කතාවෙ එන අපේ කොල්ලො ටික එහෙම නැත්තම් බැන්ග්ටැන් සෙට් එක ගිය වෙහිකල් එක කලර් ලයිට් එකට නතර කලත් එහා පැත්තෙන් යන වාහන නිසා ටේට පොඩි කෙල්ලව පෙනුනේ කැඩි කැඩි...

...................
...................

"ඔප්පා... ඔයා ගොඩක් කල්ද??"

"හ්ම්ම්ම් ඔව්ව්..."

"ඇයි දුකෙන්??"

"මැරෙන මිනිස්සු අපි එක්ක සතුටෙන් ආවට එයාලා වෙනුවෙන් මැරි මැරි ඉපදෙන මිනිස්සු දිහා බලලම මට මේක එපා වෙලා"

Blue eyes Dove le storie prendono vita. Scoprilo ora