Blue eyes p2

38 7 8
                                    

"අහ්හ්හ්හ්... ඔප්..ඔප්පා..."

කෙල්ලගේ සද්දෙට ගැස්සුන ටේ අතින් අල්ලන් හිටිය කර්ටන් එක එක පාරටම අත ඇරියා.. ඒ එක්කම ජූන් කර්ටන් එක සම්පූර්ණයෙන්ම අයින් කලේ කෙල්ලගෙන් එයා ගැන තොරතුරක් දැන ගන්න තිබ්බ උවමනාවට..

කෙල්ල බය වෙලා කොල්ලො ටික දිහා බලන් ඉන්නවා දැක්ක ජින් හෙමින් කෙල්ලගේ ඇද ලගට ළං වුනා..

"අහ්හ්හ් ඔයාලා කවුද?? ඇයි ඔහොම බලන්නේ?? මන්... මන් ඇයි මේ ඉස්පිරිතාලෙක??"

"අහන්න පොඩ්ඩක්.. මුලින් රිලැක්ස් වෙන්නකෝ"

"මාව... මාව ඔයාලට පේන්නෙ කොහොමද?? අනේ මොකක්ද මේ වුනේ?? අහ්හ් කෝ මගේ පොත??"

"මොන පොතක්ද??"

"මගේ මරණේ පොත... ඒක නැතුව මට ඉන්න බෑ... කෝ ඒක"

කෙල්ල කලබල වෙලා නැගිට්ට පාර කොල්ලො ටික හොල්මන් වුනා.. කෙල්ල කෙස් අත්වලින් ඇද ඇද කාමරේ වටෙම දුව දුව අවුස්සනවා..

"ඉන්නකෝ අපි පොතක් ගමු.. අපිට ඔයා කවුද කියන්නකෝ"

"ඒක එහෙම ගන්න බෑ... අනේ මොකක්ද මේ වුනේ?? මන් මන් වැරැද්දක් කලාද?? ඒක නැතිවුනේ කොහොමද??"

කෙල්ල කාමරේ මැද දනගහගත්තේ අත් දෙකෙන්ම මූණ වහ ගන්න ගමන්.. කෙල්ලගේ දුක පිට වුනේ ඇස් දිගේ කදුලු බේරෙද්දී.. දන ගහගෙන හිටිය කෙල්ල තවත් කලබල වුනේ ඇස්වල කදුලු දැකලා..

"අහ්හ් මේ මොනාද?? අහ්හ්හ්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ්හ් මේ මොනාද?? අහ්හ්හ්"

සුර දූතියකට දුකක් ආවත් එයාලට කවදාවත් කදුලු ඉනුවේ නෑ..

කෙල්ල කරන අමුතු දේවල් දිහා කොල්ලො ටික හොල්මන් වෙලා බලන් හිටියේ.. හෙමින් හෙමින් ජූන් කෙල්ල ලගට පාත් වුනේ ගොඩක් වෙලා මෙතන ඉන්න එයාලට අවසර නැති නිසා..

Blue eyes Where stories live. Discover now