She is............

24 3 6
                                    

"නෑ එයා ආසයි"

ටේගේ වගේම එමාගේ ඇසුත් ගියේ දොර පැත්තට..

"ජීහා... ඔයා??"

ටේ නැගිට්ටේ ඇස් දෙකත් ලොකු කරන්..

"ඔව් මන් ටේ.. ඔයාගේ ජීහා.. ඔයා ආදරය නොකරපු හැබැයි ඔයාට ආදරය කරපු ජීහා"

"ජී...හා... මට... මට සමාවෙන්න"

"ඇති එමා.. මන්.. මන් ටේට ගොඩක් ආදරෙයි.. ඇයි ටේ ඔයා වෙන කෙනෙක් හිතේ තියන් මන් ළගට ආවේ? මන් මොකක්ද ඔයාට කරපු වරද?"

"අහන්න ජීහා.. මට සමාවෙන්න.. මන් දන්නේ නෑ ඇයි මන් මෙහෙම ජරා වැඩක් කලේ කියලා.. මන් නිසා ඔයා එමා දෙන්නම අඩනවා.. මන් මොකක්ද කරන්න ඕනේ?"

ටේ හිටියේ එමාගෙයි ජීහගෙයි අතර මැද අතරමං වෙලා.. හැබැයි ටේගේ හිතේ හිටියේ එමාම විතරයි..

ජීහා අඩිය අඩිය ළං වුනේ ටේ ළගට.. ටේගේ අත් දෙකෙන් අල්ල ගත්ත ජීහා ටේව තුරුල් කරගත්තෙ එමාගේ ඇස් ඉස්සරහමයි..

"ටේ... මන් ඔයාට අදරෙයි.. ගොඩක්..."

ටේත් ඉන්න විදිහටම හිටියේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව...

"ඒත් ඔයා ආදරේ එමාට.. එමා ඔයාට මට වඩා ආදරය කරනවා ඇති. මන් ඔයාගෙන් ඈත් වෙන්නම්.. ඔයා යන්න ඔයාව අයිති කෙනා ලගට"

"ජීහා.....

"ඔව්ව්ව්... මන් ආවේ ඔය දෙන්නව ඈත් කරන්න නෙමෙයි.. මට ජිමින් ඔක්කොම කිව්වා.. ඔයාලා දෙන්නව ඈත් කලොත් මට ආයේ කිසිම ආත්මෙක ආදරයක් හම්බෙන එකක් නෑ.. ඒ නිසා මට ඕනේ ඔය දෙන්න ලස්සනට සතුටෙන් ජීවත් වෙනවා බලන්න"

ටේගෙන් ඈත්වුන ජීහා බැලුවේ එමා දිහා..

"එමා... මෙන්න ඔයාගේ කුමාරයා.. ඔයාටම භාරයි. ඉක්මනට හොද වෙන්න"

ජීහා තවත් වචනයක්වත් කතා නොකර එහෙම්මම එලියට ගියා.. ඒ ඇස් කදුලුවලින් පිරිලා.. කාමරෙන් එලියට ගිය ජීහා කෙලින්ම දිව්වේ ජී ඔන්නී ළගට..

"ඔන්නී..."

"ඔයා කොච්චර හොද කෙනෙක්ද කියලා ඔයා දන්නවද ජීහා.."

"මන් ටේට ආදරෙයි..ගොඩක්.. ඒත් මන් දන්නවා එමා මට වඩා ටේට ආදරෙයි.. ඒ වගේම ටේ එමාට පිස්සුවෙන් වගේ ආදරෙයි කියලා.."

Blue eyes Where stories live. Discover now