I will do it for you ❤️

27 3 0
                                    

මන් මටම බැන බැන ගිහින් දොර ඇරියා...

"අහ්හ්හ්හ් 😳😳😳😳"

"ටේ... දැන්ම එනවා අපි එක්ක යන්න"

"අහ්හ් ඒත් මැනේජර්"

"ටේ ඔයාට අමතකද ඔයා අපි එක්ක සයින් කරපු ඇග්‍රිමන්ට් එක??"

"ප්ලීස් මන් කියන"

"දැන්ම ආවොත් අපි දෙන්නටම ප්‍රශ්නයක් වෙන එකක් නෑ..."

"ඔයාලා යන්න,මන් එන්නම්"

"ටේ...."

ඒ එක්කම මැනේජර්ගේ පිටිපස්සෙන් ආවේ ජූන්... ජූන්ගේ මූණ තිබ්බේ සෑහෙන්න අවුලකින් කියලා දකින ඕනේ කෙනෙක්ට තේරෙනවා..

"ජූන් හ්‍යොන්ග්,මන් ටග්ගාලා"

ඒ එක්කම ජූන් ටේ ළගට ගිහින් කරට අත දාන් එලිය පැත්තට එක්කන් ගියා...

"අපි යමු ටේ... ප්‍රශ්නේ දුර දිග ගියොත් උබට කවදාවත් එමාව බලන්න වෙන්නෙනෑ..."

කොච්චර බෑ කිව්වත් අන්තිමට ටේට එමාට නොකියම යන්න වුනා...
.
.
.
.
.

Emma pov

"ටේ.... ටේ..."

මන් වොශ් එකක් දාන් ඔලුවත් පිහදන ගමන් මුලු ගේ පුරාම ටේව හෙව්වත් ටේ හිටියේ නෑ..

"බය නොකර එන්නකෝ ටේ..."

ඒ එක්කම දොර අරින සද්දෙට මන් ටග්ගාලා දුවලා ගියේ ටේ බලාපොරොත්තුවෙන් වුනත් හිටියේ ටේ නෙමෙයි කියලා දැක්ක ගමන් මගේ හිනාව කොහෙන් නැතිවුනාද කියලා මටම හිතාගන්න බැරිවුනා..

"ඔන්නී ඔයා??"

"එමා ඔයා හොදින් නේද??"

"හ්ම්ම් ඔව් ඔන්නී.. ඇයි??"

"නෑ නෑ..."

"ටේ... එයා නෑනේ"

"අහන්නකෝ එමා"

ජී එමාවත් අල්ලගෙන ගියේ සෝෆා එක ලගට.. කෙල්ලවත් වාඩි කරගෙන ජී වාඩිවුනේ උන හැමදෙයක්ම කෙල්ලට පැහැදිලි කරන්න..

"ඔන්නී මොකද??"

"ටේට පොඩි කරදරයක්"

"මොකක්?? අනේ යමුකෝ.. අනේ මොකද වෙලා"

"ශ්ශ්ශ්ශ්ශ්,එහෙම කරදරයක් නෙමෙයි..."

"අහ්හ්හ්??"

Blue eyes Where stories live. Discover now