Today is the day 😶

22 3 0
                                    

"එමා.."

ජී ආවත් යද්දී එමාව තියලා ගිය බෙන්ච් එකේ එමා හිටියේ නෑ.. එමා දාගෙන හිටිය හීල්ස් දෙක බෙන්ච් එක ලග තියනවා දැක්ක කෙල්ල හොදටම බය වුනා..

"එමා... ප්ලීස් ඔයා කොහෙද ඉන්නෙ කියන්න.. බය කරන්න එපා ළමයෝ 🥺🥺🥺"

කෙල්ල ඒ වටේම හෙව්වත් එමා ගැන මුකුත්ම හොයාගන්න බැරිවුනා.. කෙල්ලට මතක් වුනේ හොබීව..

කෙල්ල පාටිය මැද්දෙන් දිව්වේ හොබී ළගට..

"හොබී.. හො..බී"

"මොකද නූනා?? මොකක්හරි අවුලක්ද??"

"හොබී.. එමා.. එමා නෑ"

"මොකක්?"

ඒ වෙලේ හොබී ලග ජූන් ජින් සුගා කුකී ජිමින් වගේම ටේත් හිටියා..

"නූනා මොකක්ද ඔයා කියන්නේ??"

"කෙල්ල නෑ.. එයාගේ හීල් දෙක විතරයි තියෙන්නෙ"

කෙල්ල හති ඇර ඇර කියද්දී ටේගේ හිතේ ලොකු බයක් ඇතිවුනා..

කෙල්ල කොහේ කියලා යන්නද?? එයා යන්න දන්නෙත් නෑ.. කට්ටියම මුලු ඒරියා එක වටේම කෙල්ලව හෙව්වත් හොයාගන්න බැරිවුනා..

"ජූන් එමා කෝ?? මන්.. මන් නිසාද මේ ඔක්කොම"

පාටියට ආව අය විනෝද වෙද්දී ජී එක්ක එකතු වුන කොල්ලො ටික එමාව හැමතැනම හෙව්වා..

"කෙල්ල පාර පැත්තට ගියාද දන්නේ නෑ.."

"බලමු"

"ටේ උබ කවුද කියල අමතකද??"

සාක්කුවෙන් ගත්ත මාස්ක් එකත් දාගත්ත ටේ පාර පැත්තට දුවද්දී අනිත් අයත් එක එක පැතිවලට ගියේ කොහොමහරි කෙල්ලව හොයාගන්න හිතාගෙන..

එමා තමුසෙව මන් අහු වුනොත් නම් මරනවා.. මන්.. මන් මොකක්ද කලේ මෙහෙම බය කරන්න.. ඉන්න තැනකින් එනවකෝ ඕයි...

ටේ තමන්ගේ හිතටම බැන බැන පිස්සෙක් වගේ පාරේ ඔහේ ඉස්සරහට දුවන් ගියා.. ජී හොබී එක්ක අපාර්ට්මන්ට් එකට ගියේ කෙල්ල වැරදිලා හරි එහෙට ගියාද බලන්න.. සුගා ජින් එක්ක පාටිය තිබ්බ තැන නැවතුනේ මැනේජ්මන්ට් එක පොඩ්ඩක් බලාගන්න.. ඔක්කොම මිසින් වුනොත් ඒකත් කේස් එකක් නිසා.. ඒ අතරේ ජිමින් ටේගේ පස්සෙන් යද්දී කුකී ජූන් අනික් පැත්තට ගියා..

Blue eyes Where stories live. Discover now