Truth

17 3 2
                                    

Tae pov

නූනා මට එයාගේ අපාර්ට්මන්ට් එකට එන්න කිව්ව එක ගැන හිතේ මොකක්දෝ අමුත්තක් තේරුනා.. ඒ ගැන හිත හිත යද්දි මට මතක් වුනේ ජීහව.. සාක්කුවට අත දාද්දී වාසනාවට ෆෝන් එක සක්කුවේ..

ඒ ක්ශනිකයෙක් මන් ජීහට කෝල් එකක් ගත්තා..

"ටේ, ඔයා කොහෙද

"ජීහා.. මන් කියන දේ අහන්න.. මන් ඉක්මනටම එන්නම්.."

"කොහෙද ගියේ? අද අපේ දවස ටේ.. ඔයාට එදාටත් වැඩද?"

"අහන්න.. එහෙම එකක් නෑ.. මට හදිස්සියක් මේක.. ප්ලීස් අඩන්න එපා"

ජීහ හොදටම අඩ අඩ කතා කලේ, අද කෙල්ලගේ ජීවිතේ වටිනම දවස.. ඒත් ටේ අතරමග දාලා ගියා.. කෝල් එක් කට් කරපු ජීහා ඇදේ ගුලි වෙලා හොදටම අඩන්න පටන් ගත්තා..

සොරි ජීහා.. මන් ඉක්මනට එන්නම්.. මට එමාව අමතක කරන්න බෑ.. මන්... මන් ඔයාව මැරි කලේ ඔම්මා නිසා.. ඒත් මන් කොහොමද එමාව අමතක කරන්නේ? මට අහන්න ඕනේ එමා ඇයි මට එහෙම කලේ කියලා.. ඒක දැනගෙන මන් එනවා.. ඔයාට ආදරේ කරනවා ජීහා.....

Pov end

ටැක්සි එක අපාර්ට්මන්ට් එකට ළං වෙද්දී ටේගේ හදවත ගැහෙන වේගේ එන්න එන්නම වැඩිවුනා.. ටැක්සි එකෙන් බැස්ස ටේ කෙලින්ම දිව්වේ ජී නූනාගේ හවුස් එකට..

"නූනා... දොර අරින්න"

ඇහිපිය ගහන තප්පරයට ටේ එතනට ගියා.. ජී දොර ඇරියත් ටේ බලාපොරොත්තු වුනා වගේ කිසිම කලබලකාරී බවක් නූනගෙන් දැක්කෙ නෑ.. ටේ යද්දි අනිත් අයත් ඇවිල්ලා හිටිය නිසා ටේට තිබ්බේ ලොකු ප්‍රශ්නාර්ථයක්...

"නූනා... මොකද මේ? ඇයි ඔක්කොම? කෝ එමා? අර... අර නිව්ස් එකේ කිව්ව කෙනා එමා නෙමෙයි නේද?"

වෙව්ලන හඩෙන් ටේ ආයාචනාත්මක විදිහට හීන් ස්වරයෙන් ඇහුවා..

"මුලින් වාඩිවෙන්නකෝ.. ඔව් ඒ එමා නෙමෙයි"

ඒ කිව්ව ගමන් ටේගේ මූණේ මෙච්චර වෙලා තිබ්බ කලබලකාරිබව නැතිවුනා..

"ඇයි ඔයාලා ඔක්කොම මෙහෙ? මට එන්න කිව්වේ?"

"එමා ගැන කතා කරන්න"

ඒ ක්ශනිකයෙක් ටේ වාඩිවුන තැනෙන් නැගිට්ටා..

"මට එයාගෙන් වැඩක් නෑ.."

Blue eyes Waar verhalen tot leven komen. Ontdek het nu