Soju bottle 😶

20 5 7
                                    

ජීගේ ගෙදර පොඩි ප්‍රශ්නයක් වෙලා හදිසීයේම කෙල්ලට සෝල්වලින් යන්න වෙලා සති දෙක තුනකට.. හොබීටත් යන්න බැරි නිසා කෙල්ලට යන්නම වෙලා.. ඒත් එමාව තනියම තියලා යන්න බැරි නිසා කෙල්ල ජූන්ට කතා කරලා මොකක්හරි කරන්න කිව්වා..

"මොකද කරන්නේ ජූන්??"

"ඒක තමා මාත් මේ බලන්නේ??"

"දන්න කෙනෙක් නැද්ද නවත්තන්න"

ටේ මේ ඔක්කොම අහන් ඉදලා කතා කරන්න ගත්තේ කෙල්ලගේ තියන අමුතු අමුතු වැඩ එක්ක නොදන්න කෙනෙක් කෙල්ල ලග තියන එක රිස්කි නිසා..

"මේ සති දෙකේ මටයි කුකීටයි ජිමින්ටයි ජින් හ්‍යොන්ග්ටයි වැඩක් නැති අපි ජී නූනගේ ගෙදර ඉන්නම්"

"ජින් හ්‍යොන්ග්ගේ ඩිග්‍රී එකේ වැඩක් තියනවා කිව්වා"

"හරි මායි ජිමිනයි කුක්කයි යන්නම්"

"හ්ම්ම් ඒකත් හොදයි ඒත්"

"ඇයි ඒත්?? "

"කේස් එකක් වෙයි කියලා"

"අපි විතරනේ දන්නේ හ්‍යොන්ග්.. අවුලක් වෙන එකක් නෑ"

රැප් ලයින් එකට නම් නිවාඩුවක් නැති තරම්.. ඒ නිසා අන්තිමට පොඩි තුන කෙල්ල එක්ක ජී නූනගේ ගෙදර එයා එනකන් ඉන්න තීරණය කලා.. කොහොමත් පිටින් කෙනෙක් නවත්තද්දී ඒක කොල්ලො ටිකටත් කේස් එකක් නිසා ජූන් අකමැත්තෙන් හරි තීරණයට එකග වුනේ මැනේජර්ට ජිමින් ටේ කුකී නිවාඩුවට රෙස්ට් කරන්න යනවා කියලා අලි පචයක් කියලා...

.......................

"ටේ උබ එනවද??"

"කොහේ යන්නද??"

"ටන්ටර ටන්ටන් ටාටාටා..."

ජිමින් පෙන්නුවේ සෝජූ බෝතල් එක්ක තව මොනාදෝ බෝතල් වගයක් පුරවපු මල්ලක්..

"උබලා අදම පටන් ගත්තද 😡"

"මේකට කියන්නේ උපරිම ඵල නෙලා ගැනීම කියලා ටේ"

"මන් එන්නෙ නෑ.. උබලා ඔය ජරාව වෙන කොහේ හරි ගිහින් බීලා වරෙන්.. මන් නූනට කියනවා"

"හරි හරි අපි තැනක් බුක් කලා.. උබ කොහොමත් අර කුමාරිව දාලා එන්නෙ නෑනේ"

Blue eyes Where stories live. Discover now