Rejection

21 4 10
                                    

"එමා මන් ආවා.."

කොල්ලා එමාට කතා කරගෙනම ඇතුලට යද්දී එමා කිචන් එකේ ඉදන් ටේ ඉන්න පැත්තට ආවා..

🥺🥺🥺🥺

කෙල්ල ජූස් එකකුත් අරගෙන ටේගේ ඉස්සරහට එද්දි ටේට වෙනදට නැති අමුතු හැගීමක් කෙල්ල ගැන ඇති වුනා..

"මේක මටද??"

"ඔව්.. මන් බලපු ෆිල්ම් එකක මෙහෙම තිබ්බා"

"කොහොමද??"

"එයා ආදරේ කරන කෙනා එද්දී මෙහෙම කරනවා"

"ආදරේ කරන කෙනා?? මන්??"

"ඔව්ව්.."

"එමා මන් එහෙම ඔයාට කියලා නෑනේ.. අනික"

"ඔයා මට ආදරේ නැද්ද??"

කෙල්ලගේ මලක් වගේ මූණ තප්පර ගාණකින් වෙනස් වෙද්දී ටේට ලෝබ හිතුනා..

"එහෙම කිව්වද දැන් මන්?? ඇයි මූණ අවුල් කරගත්තේ??"

"ඒ කියන්නේ ඔයා මට ආදරෙයිනේ"

ටේ වචනයක්වත් නොකියා ජූස් එකත් අරන් රූම් එකට ගියේ දෙන්න තරම් උත්තරයක් ටේ ලග නොතිබ්බ නිසා..

Flashback

"ටේ මට අහන්න හම්බුනා අර එදා ඇක්සිඩන්ට් එකේ හම්බුන කෙල්ල තාම ඔයාලා එක්ක කනෙක්ශන් තියන් යනවා කියලා... මට වැඩක් නෑ ඒ මොකෙන්වත්,බට් මතක තියාගන්න මේවා සෙල්ලම් නෙමෙයි.. එලියට ලීක් වුනොත් කෙල්ලටත් අනතුරක් ඔයාලගේ ජොබ් එකටත් ලෙඩක්"

"එහෙම නෑ මැනේජර්"

"ඕනේ එකක්.. ඒත් මෙච්චර අමාරුවෙන් ලබා ගත්ත ඒවා දවසකින් නැති කරගන්න හදන්න එපා.. අනික මේක බොස්ගෙ කනට ගියොත් කෙල්ලව මෙහෙන් යවයි.. මේවා සෙල්ලම් නෙමෙයි ටේ.. ඔයාලා ඇග්‍රිමන්ට් සයින් කරලා ඉන්නේ"

Flashback end

හවස මැනේජර්ව හම්බෙන්න ගිය වෙලේ කතා වුන දේවල් එකින් එක කොල්ලට මතක් වෙද්දී කොල්ල අතරමං වුනේ එමාගේ හිනාව ළග..

මන් ඔයාට ආදරෙයිද?? නැත්තම් නිකන්ම නිකන් මේක කැමැත්තක්ද?? ඒත් මට සමාවෙන්න එමා.. මට බෑ ඔයාට ආදරේ කරන්න.. මේවා මන් අමාරුවෙන් ලබා ගත්ත දේවල්.. මන් මොකක්හරි කලොත් අනිත් අයටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.. හ්ම්ම්ම් ඔයාව මෙහෙන් ඈතකට යවන එක තමා කරන්න තියන හොදම දේ..

Blue eyes Where stories live. Discover now