"කෝ තාම අඩනවද??"
"ටේ මන්..මන් එයාව"
"හරි හරි.. ඒක වැරදීමක්.. එයා හොද වෙලා ගෙදර ගිහින්..."
මැනේජර් කෙනෙක්ගෙන් හොයාගත්ත තොරතුරු එක්ක අපාර්ට්මන්ට් එකෙන් යුන්ගෙ මිනිහව පොලීසියට භාර දීලා.. දුකට හේතුව කෙල්ලගේ පාරේ සැරට ඌට මුකුත් මතක නැති එක...
"හෙට අපි වෙන තැනකට යනවා.."
"හ්ම්ම්ම්"
"කාලද ඉන්නේ?"
කෙල්ල නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.. කෙල්ලගේ ඔලුව අතගාගෙන නැගිට්ට ටේ කෑම ඕඩර් කලේ කොල්ලත් යකෙක් කන්න බඩගින්නෙ හිටිය නිසා.. ටේ කෝල් එක ගන්නකන් කෙල්ල කල්පනා කලේ හවස කොහොමද තමන්ට ඒ තරම් ශක්තියක් දැනුනේ කියලා..
ඒත් කොහොමද?? මට.. මට මගේ වෙනසක් තේරුනා.. එහෙම වෙන්නෙ කොහොමද?? මගේ ඇගම නිකන් තලනවා වගේ දැනෙන්නෙ ඇයි??
කෙල්ලගේ සිතුවිලි මදකට නැවතුනේ කාමරය පුරා ගිය දෝංකාරයට..
එමා.. ඔයාට අමතකද ඔයා කවුද කියලා.. ආයෙත් මන් කියනවා ඔයා මනුස්ස දුවක් නෙමෙයි.. මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න.. අද දහ වෙනිදා.. ඔයාගේ පලිගුව.....
ඒ සද්දෙට බධා කරලා ටේ කෙල්ලගේ උරහිස්වලින් හොල්ලලා කතා කලා..
"එමා මොකද මේ බය වෙලා?? මන් කෑම ඕඩර් කලා.."
"අහ්... හරි හරි"
"මොකද මේ??"
"ටේ ඔයා... ඔයා යන්න.. අද ඔයා ඉන්න එපා"
"විකාරද?? මන් හ්‍යොන්ග්ලට කිව්වා වුන දේ.. මට අද ඉන්න අවසර තියනවා"
"කියන දේ අහන්න"
"මොකක්ද කියන්නේ??"
"ඔයා යන්න ටේ"
"මන් ඇයි??"
"යනවා 😡😡😡"
කෙල්ල ටේගේ අත් දෙකම ගසලා දාලා මහ හයියෙන් කෑගහපු පාරට කොල්ලව අඩි දෙක තුනක් ආපස්සට විසික් වෙලා ගියා..
YOU ARE READING
Blue eyes
Fanfictionකෙනෙක්ගේ ආත්මය තව කෙනෙක්ට තීරණය කරන්න පුලුවන්ද?? මරන්න හෝ මරවන්න අවසර තියනවද?? "ඔයාට මෙහෙදී කරන්න බැරි දෙයක් තියනවා.. මරණයට බධා කරන්න එපා.. කෙනෙක්ගේ ජීවිත කතාව වෙනස් කරන්න එපා..." ජීවත් වෙන්න ආස කරන මිනිස්සු අතරේ මැරෙන්න ආස කරන අයත් නැතුවම නෙමෙයි...