Her last day 🌸

11 3 4
                                    

පහුගිය අවුරුදු 5ම එමා ටේ වෙනුවෙන් බලන් හිටියා.. ටේ තමන්ට වයිර කරනවා කියලා එමා දැනගෙන හිටියේ නෑ..

ඒ කාලය පුරාම ටේ එමාව හෙව්වා.. ඒ ඇයි තමන්ට මෙහෙම කලේ අහන්න.. ඇයි රැවැට්ටුවේ අහන්න.. පලිගන්න..

එමාගේ දඩුවම ගෙවෙන අන්තිම දවස් කිහිපයට ළංවෙද්දී එමා බලන් හිටියේ ටේ ළගට ගිහින් සදහටම ටේගේ වෙන්න වුනත් ටේ මේ කාලෙම කලේ එමාට වයිර කරපු එක.. අදටත් ටේ ඇත්ත දන්නේ නෑ.. එමා ටේව බලන්න එන්න හීන මවද්දී ටේ වෙන කෙනෙක්ව මැරි කරන්න ලෑස්ති වෙලා ඉවරයි..

"ඔන්නී මන් හෙට යනවා.."

"මාව අමතක කරන්න එපා"

"කවදාවත්ම නෑ"

"මරණයෙ පොත ආයේ නැති කරගන්න හිතන්නවත් එපා"

"මන් මනුස්සයෙක් වෙනවා"

ඒ වචනය එක්ක සීරෝ 67ගේ අත් දෙක ඉබේම ගියේ එමාගේ අත් දෙක ලගට.. එමාගේ අත් දෙක තද කරලා අල්ලගත්ත සීරෝ 67 ලොකු කතාවකට මුල පිරුවා..

"මන් ඔයාට දෙයක් කියන්නම්.. මේ දේ කියන්නේ මන් ගෙවන මේ ජීවිතේ ඔයාට අයිති නැති නිසා.. ඔයා ආයේ මෙතනට එන්න ඕනේ නැති නිසා.. එමා, ඒක නේද ඔයාගේ මනුස්ස නම... එමා සුරදූත ආදරය වගේ නෙමෙයි මනුස්ස ආදරය, ඒක ඉක්මනට වෙනස් වෙනවා.. හෙටට අවුරුදු පහයි.. ඔයාට විශ්වාසද ඒ මනුස්ස ආත්මය ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා?"

"ඔව්ව් මටත් වඩා මට එයාව විශ්වාසයි.."

ඒ වචනය එක්ක සීරෝ 67 එමාව බදාගත්තේ ලොකු ආදරයකින්.. එමාගේ තීරණය කාලෙකට කලින් එයත් ඒ වගේම ගත්තා.. ඒත් එදා එයාට උනේ බිත්ති හතරකට කොටු වෙන්න.. ඒත් එයා විශ්වස කලා එමාට එහෙම ඉරණමක් අත් නොවෙවී කියලා..
.
.
.
.
.
.
.
ඉතින් මේ කිසිම ගැලපීමක් නැති සිතුවිලි ගොන්නක් අස්සෙ ටේ එමාට වයිර බදිද්දී එමා ටේට තවත් ආදරේ කරන්න පටන් ගත්තා.. ඒ විශ්වාසය එක්ක එමා එදා ටේව හොයාගෙන ආවේ තමන්ගේ ආත්මයම බිල්ලට දීලා වුනත් ඒ වෙද්දී එමා නොසෑහෙන්න පරක්කුයි.. ටේ.... ටේ වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි...

Flashback end

එමා චර්ච් එකෙන් එලියට ආවේ හිස් හදවතකින්.. යන්නේ කොහෙද මොකද කරන්නේ කියලා එමාට කිසිම අදහසක් තිබ්බේ නෑ.. ඇස් දිගේ වැක්කෙරුනු කදුලු නිසා මූණ දිලිසෙනවා.. මිනිස්සු හැමෝම එමා දිහා බැලුවේ කෙල්ලගේ ලස්සන නිසා.. ඒත් එමාට ඒ කාවවත් පෙනුනේ නෑ.. එදා වගේ අද එයාට එයාගේ ඔප්පා නෑ.. එයා හිතුව ජීවිතේ එයාට අයිති වුනේ නෑ..

Blue eyes Where stories live. Discover now