Yes, i like him ❤️

25 5 6
                                    

"ඔයා ටේට කැමතිද??"

කෙල්ල කටට දාගත්ත වතුර එක බෝස් ගාලා ආයේ දැම්මේ ලොකු කැස්සක් එක්ක..

"අයියෝ කෙල්ල 😄😄"

ජී ටග්ගාලා නැගිටලා ගිහින් කෙල්ලගේ පිටට තට්ටුවක් දැම්මමයි කෙල්ලගේ කැස්ස අඩු වුනේ...

"මොකද කැස්ස?? උත්තරයක් නැද්ද??"

"දන්නෙ නෑ"

"දන්නෙ නෑ කිව්වේ ටේට කැමතිද කියලද??"

කෙල්ල ඔලුව වනනවත් එක්කම ජී දිහා බැලුවේ බය වුන ස්වරූපයකින්..

"ඒයි බය වෙන්න එපා.. මන් ඔයාගෙම ඔන්නී කියලා හිතාගන්නකෝ.. නෑ මන් ටේට කියන්න නෙමෙයි මේ ඇහුවේ... දැන් ඒක අමතක කරන්නකෝ... කෝ කන්න දැන්"

එතනින් එහා ඒ කතාව නැවතෙද්දී දෙන්නම කෑවා..
.
.
.
.

"එමා මන් යනවා පොඩි වැඩකට.. ඔයා උඩට යන්න.. මන් මේවා අස් කරලා ගිහින් එන්නම්"

"ඔන්නී..."

"හ්ම්ම්ම්"

ජී කාපූ පිගන් ටික අස් කරන ගමන් කෙල්ලගේ කතාවට ඇහුම්කන් දුන්නා..

"ඔයා යන්න මන් අස් කරන්නම්"

"මගේ අමුත්තෙක්ගෙන් වැඩ ගන්න බෑනේ මට.. ඔයා යන්න ගිහින් වොශ් එකක් දාන් කැමති දෙයක් කරන්න.. මන් එන්න ටිකක් රෑ වෙයි"

"ඔන්නී"

"හ්ම්ම් කියන්න"

"මන් ටේට කැමති"

ජීගේ අතේ තිබ්බ ග්ලාස් එක බිමට වැටෙද්දී කෙල්ල පුදුම වෙලා එමා දිහා බැලුවා..

"ඇත්තටමද??"

"හ්ම්ම් ඔව්"

"හ්ම්ම් හරි හරි"

ජී ටග්ගාලා වැටුන ග්ලාස් එකත් අස් කරලා රූම් එකට ගියේ හවස කැෆේ එකේ වැඩ ටික බලලා එන්න...

"එමා මන් යනවා..."

කාමරෙන් ඔලුව එලියට දැම්ම එමාට සමුදීලා කෙල්ල යනවත් එක්කම එමා ආයේම කාමරේ ඇතුලට වෙලා කල්පනා කලේ ටේ ගැන..

එයා ගොඩක් ලස්සනයි... මට...මට මනුස්සයෙක්ට ආදරේ කරන්න බැරිද?? 😓😓

Blue eyes Opowieści tętniące życiem. Odkryj je teraz