11.දෛවය

68 19 0
                                    

🐯:-"ආ බොරුකාර අනාතයා...😏"

මම බිම බලාගෙන පන්තියේ මුල්ලකට යනකොට කොහෙද ඉදලා දුවගෙන ආපු චැන්යොල් මාව බදාගත්තා...

🐯:-"ආහ්...මට පේන්නේ අනාතයාට bf කෙනෙකුත් ඉන්නවද කොහෙද...මරුනේ😏"

ඒ එක්කම ටේහියොන් දිහාවට හැරුන චැන්යොල් මගෙ අත හයියෙන් අල්ල ගත්තා....

🐆:-"ජිමින් අතින් වැරද්දක් වෙන්න ඇති...ඒත් එයා අනාතයෙක් නෙමෙයි...එයාට මම ඉන්නවා..තමුනුයි මෙතන ඉන්න අනාතයා...කිසිම හිතක් පපුවක් නැහැ...අපි යමු ජිමින්"

එයා මගේ අතිනුත් ඇදගෙන එළියට යනකම්ම මම හිටියෙ මනසොහොන් දිෂ්ටිය ගහපු කෙනෙක් වගේ...

එයා කොහොමද දන්නේ~

මාව ඇදගෙන Garden එකට වෙනකම් ම ගියපු චැන්යොල් මාව ඇතෑරලා මගේ දිහා බලන් හිටියෙ වෙනදට කට වහන්නැති කෙනා අද කතාවක් නැත්තෙ ඇයි කියලා බලන්න වෙන්නැති...ඒත් එයාට මන් හිත හිත හිටපු එක තේරිලාද මන්දා මෙච්චර වෙලා තිබ්බ ප්‍රශ්නෙට උත්තරයක්නම් දුන්නා...

🐆:-"ඔහ්...ඔයා හිතන්නෙ මම ඒක කොහොමද දන්නෙ කියලනම් college එක පුරාම දැන් ඒක ලැව් ගින්නක් වගේ පැතිරිලා තියෙන්නේ...ඒත් බය වෙන්නෙපා..ගොඩක් අය හිතන්නෙ ඒක බොරුවක් කියලා..😊"

🐣:-"ඒත් ඒක ඇත්තනේ...මම වැරදීනේද?"

🐆:-"ඒක හරි උනත් වැරදි උනත් ඔයා දක්ෂයි නේ...😌✋ඒක ගැන දැන් හිතන්නැතුව ඉන්න..."

එදාම හවස අපේන් practice ගන්න එක නම්ජුන් සර් කලා...අවසානෙට චැන්යොල්ට අයින් වෙන්න සිද්ධ උනා...හිතුවට වැඩිය taehyung දක්ෂයි...

🐨:-"ළමායි...ඊළඟ තේරීම අපි දවසක් කල් දානවා...හෙට ඔයාලට practice නැහැ..."

practice අවසානේ චැන්යොල් මාව බදාගත්තා...

🐆:-"හොඳට කරන්න ජිමින් මම දන්නවා ඔයාට පුලුවන් කියලා....කොහොමහරි ඔයා මේක හොඳටම කරන්න...උදව්වක් ඕනි උනොත් මට කියන්න හොදේ..."

එයා ගියායින් පස්සේ ඉතිරි උනේ ටේහියොන්නුයි,මායි  විතරයි...මම එතනින් යන්න හදද්දිම ටේහියොන් මාව ඇදලා අරගෙන බිත්තය පැත්තට තල්ලු කලා...මම බය නොවුනා කියුවොත් බොරු...එයා ඒ ඇදලා ගත්ත පාරට මගෙ අතත් ඇඹරිලා ගියා...ඒ මදිවට එයා පුලුවන් තරම් මගේ අත තද කරනවා...මගේ ඇස් දෙකෙන් කදුළු පනින්න ඔන්න මෙන්න වගේ තිබුණේ...

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now