20.අවසන් මොහොත...

75 15 0
                                    

🗣️:-හඃ....මගෙ හැම ප්ලෑන් එකක්ම විනාස කරපු චූටි මහත්තයා ලොකු වැඩක වගේ නේද😏?

එතන හිටියෙ ටේහියොන්ගේ අම්මා කියලා මම දැක්කෙ යුංගි ඔලුවත් අල්ලගෙන බිම වාඩි වෙද්දි....එයාගෙ ඔලුවෙන් ලේත් එනවා...මම එයා ළඟට පාත් වෙද්දි එයා කියුවෙ එක දෙයයි...

"දුවන්න ජිමින්"

ඒ එක්කම වගේ මම එහා පැත්තෙ කාමරේට දිව්වෙ ලූකස් ඇති කියලා හිතලා මම ඒ කාමරේට දුවද්දි ලූකස් සද්දෙ මොකද්ද කියලා බලන්න දුවගෙන ආවා...අපි දෙන්නාම එකට නැප්පිලා නහයවල් කඩා ගන්නැතුව බේරුනේ බොහොම අමාරුවෙන්🙂💔

🐣:-"ලූකස්,යුංගි ගැන බලන්න...ඒ...එයාගෙ ඔලුවෙන් ලේ එනවා"

🐺:-"හරි මම ඒක ගැන බලන්නම්...පිටිපස්සෙ ⁣දොරෙන් එලියට දුවන්න ජිමින්....මේ දෙවනි කාමරේ කෙලවෙරේ තියෙන දෙවනි දොරෙන් ගිහින් වමට හැරිලා ඊලඟ කා⁣මරේ තියෙන දෙවනි දොරෙනුත් ගිහින් ඒකෙ වම් පැත්තෙ තියෙන රත්තරන් පාට ගාලා තියෙන දොර ඇරියහම ඔයාට ඒක හම්බෙයි..."

ඒ එක්කම මාව දෙවනි කාමරේ පැත්තට තල්ගු කරලා දොරත් ලොක්කරපු ලූකස් එතනින් දුවන සද්දෙ විතරයි මට ඇහුනේ....පොඩ්ඩක් වැඩේ සෙට්ල් වෙච්ච නිසා මම කල්පනා කලේ යුංගිගෙ ඔලුවෙන් ලේ එන්න ගත්තෙ කොහොමද කියලා...ඒ වෙලාවෙයි මට මතක් උනේ ටේහියොන්ගේ අම්මාග අතේ මිටියක් තිබ්බා කියලා....🙂💔

කොච්චර හයියෙන් කෑ ගැහැවත් වැඩක් නෑ කියලා තේරෙද්දි ටේහියොන්ගෙ අම්මාගෙ අඩි සද්දෙ ළඟන්ම ඇහෙන්න ගත්තෙ ටේහියොන් "අනෙ අම්මෙ ඕක නවත්තන්න"කිය කිය අඬන සද්දෙත් එක්කමයි....

ඒ එක්කම ලූකස් කියපු දේ මතක් වෙලා දෙවනි දොරෙන් ඇතුලට ගියත් ඉතිරි ටික මතක නැතුව මම ලොකු කරදරේක වැටුනේ....

ඒ එක්කම පිටි පස්සෙන් දොරේ අගුල කැඩෙන සද්දෙ ඇහෙද්දිම වෙන කරන්න දෙයක් නැති නිසා මම ඒ දොරෙන් දකුණට හැරිලා ගිහින් තිබ්බ කාමරෙ දෙවනි දොර ඇරියම මට රත්තරන් පාට ලොහ දොරක් හම්බුණත් ඒක අරින්න කොච්චර try කරත් ඇරුනෙ නැහැ....පස්සෙ මේකත් බොත්තමකින් ඇරෙනවා ඇත්තෙ කියලා හිතලා බිත්තිය අත පත ගාලා අහුවෙච්ච බොත්තම ක්ලික් කරහම යන්තම් ඒක ඇරුනා....ඒත් එක්කම තව දොරක් ගැලවිලා බිමට වැටෙන සද්දෙත් එක්ක හොඳටම බය වෙච්ච මම ඉක්මනට ඒක ඇතුලට ගිහින් එතන උඩ කෙලවරේම තිබ්බ බොත්තම එබුවෙ 'ටේහියොන්ගෙ අම්මාට එන්න බැරි තැනකට මාව ගෙනියන්න දෙවියනේ 'කියලා හිතන ගමන්....

ඒත් ඒ දොර ඇරෙද්දි තමා මට තේරුනේ මම කොච්චර මෝඩද කියලා...

ඒ වෙලාවෙ මම ඇවිත් හිටියෙ නම්සන් කුලුණේ උඩම තට්ටුවට....මෙතනින් එහාට තිබුණෙ වහලයක් විතරයි....මෙතනට අරයා ආවොත්.....🙂💔

ඒත් එක්කම මට ඇහුනේ අර රත්තරන් පාට දොර ආයිත් උඩට ඇවිත් තියෙන විදිය....

ඒ දොර ඇරෙද්දිම,

🗣️:-"ආ....මේ ඉන්නෙ....චූටි කුමාරිගෙ...වැරදුනා චූටි කුමාරයගෙ රජතුමානම් දැන් ජීවතුන් අත⁣ර නෑ මම හිතන්නේ....😏⛏️"

මෙච්චරවෙලා එයා අතේ තිබිලා තියෙන්නෙ මිටියක් නෙමෙයි ගල් කඩන්න ගන්න එකක් කියලා මම දැක්කෙ ඒ වෙලාවේ....

🗣️:-"එහෙනම් දැන් යන්න ලෑස්ති වෙන්න Park -ji-min...😂"

____________________________________

¥_¥ හි බෙයාස්....🥀

ඇත්තටම කියනවනම්....
වසන්තයකට පස්සෙ සීත කාලෙ එනවමයි....🥀
ඒක නවත්තන්න කාටවත් බැහැ....
අඩුම තරමෙ ස්වභාව ධර්මයාටත් බැරුව ඇති...🥀



꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now