16.tae vs jimin

67 17 0
                                    

අද තමයි දවස....

මම ගියේ අදනම් ටේහියොන් කරපු දේවල් වලට හොඳ වැඩක් කරනවා කියලා......

උදෙන්ම ලෑස්තිවෙලා මම college එකට ගියේ කාටවත් අදුර ගන්න බැරි වෙන්න මාස්ක් එකකුත් දාගෙන....හිමින් හිමින් අපේ dancing room එක පහු කරගෙන යන ගමන් මම ඒකට එබුනෙ එයාලා මේකෙද practice කරන්නෙ කියලා බලා ගන්න....

ඒත් හිතපු නැති විදියට මම room එකට එබිලා එතනින් අඩි 10ක් විතර ඉස්සරහට යද්දි ටේහියොන් ගේ අම්මා ටේහියොන්වත් ඇඳගෙන අපේ Dancing room එකට යනවා මම දැක්කා....ටේහියොන්ගේ කම්මුල්වල වේලිලාවත් නැති කදුළු තියෙනවා දැක්කම මට පුදුම හිතුනත් එයා ඒවා කවර් වෙන්න ඉක්මනටම මූණ බිමට හරවගෙන එයා අම්මාගෙ පස්සෙන් පරඩැලක් වගේ ඇඳීගෙන ගියා....

අනුන්ගෙ කතා අහන් ඉන්න හොඳ නැති උනත් මේ වෙලාවේ ඒක නොකර ඉන්න ම⁣ට බැරි උනා...

🗣️:-"මම තමුසෙව එක්කගෙන එද්දි මොනවද කියුවේ ආාා?කියපන් මට....මම කියන විදියට නොකරොත් මම තොට හොඳ වැඩක් කරනවා.....එක පාරක් කියුවා නේද උබට නටද්දි මොකක්හරි හැඟීමක් මූනෙන් ප්‍රදර්ශනය කරන්න කියලා....කියන දේ කලේ නැත්තන් මම කරන දේ දන්නවනේ..."

ටේගේ අත තදකරලා අබරන ගමන් Mrs.kim කියද්දි ටේහියොන් කලේ කදුළු පාලනය කර ගන්න නිශ්ඵල උත්සහයක් ගත්ත එක...ඒ වෙලාවෙනම් ඇත්තටම මම පුදුම උනා....

~එතකොට මේක ටේගෙ කැමැත්තෙන් වෙන දෙයක් නෙමෙයිද?

🐯:-"🥺හරි ම්...මම කරන්නම්....ඒත් මට හැඟීම් ප්‍රකාශ ක්...කරන්න බැහැනේ..."

අඬන ගමන්ම ටේ යන්තම් මුමුණද්දි Mrs.kim ටේගේ කටින් අල්ල ගත්තේ කම්මුල් දෙකත් තද රතුපාට වෙලා යන විදියට....

🗣️:-"⁣තමුසෙට ඒක කරන්න බැරිනම්,මට සිද්දවෙනවා තමුන්වත් ජිමින් යවපු තැනටම යවන්න....තමුන්ට singer කෙනෙක් වෙන්න ඕනි නම් ඉස්සෙල්ලාම මේක හරියට කරපන්...නැත්තම් මම තෝව අර මගේ ශෙයා හෝල්ඩ කෙනෙකුට බන්දලා දෙනවා....දැනටත් මට හොඳ කෝටිපතියෝ දෙන්නෙක්ම කතා කලා....😏තාම පොඩී කිය කිය පස්සට දැම්මාට මම කියපු දේ කලේ නැත්තම් මම තෝව විකුණනවා....තේරුනානේ..."

එහෙන්මම ටේව අත ඇරපු Mrs.kim වේගෙන් දොර පැත්තට එනවා දැකපු නිසා ඉක්මනට මම එතනින් අයින් වෙගා හැංගුණා.....

මම හිමින් එතනින් යන්න හැදුවත් මගේ හිත කියුවෙම ටේ ගැන පොඩ්ඩක් බලන්න කියලා...ඒක නිසාම මම ටේ ළඟට ගිහින් එයාගෙ උරහිසට අතක් තිබ්බා....

පව්....

මෙච්චර වෙලාම කාමරේ මුල්ලෙ වකුටු වෙලා අඬ අඬ ඉඳලා මම අත තියපු නිසා එයා කඳුළු පිහදාන්නවත් මහන්සි නොවී මගේ දිහා බැලුවා....

🐯:-"ජ්...ජිමින්-ශි....මේ ඔයාද?😭"

එක පාරටම මාව බදාගෙනම ටේහියොන් ආයිමත් අඬන්න ගත්ත නිසා මට උනේ පොඩි ළමයි නලවන්න....

🐣:-"දැන් ඇති නේ ටේහියොන්....අඬන එක නවත්තලා කියන්න මොකද මේ?"

🐯:-"මගෙ අම්මා.....එයාට ඕන දේ කරගන්නයි මාව තියන් ඉන්නේ....🥺"

🐣:-"😳mwo?"

_____________________________________

බෙයාස්ලා....🐾️

ඉවරයන් නෑ දෙයියනේ....🙂

මොනා උනත් තව ටිකයි ඉතින්...😂

ඊලඟ Chapter එකෙන් හම්බෙමු....🙂👍

꓄ꁝꏂ ꒯ꋬꋊꉔꏂꋪ ✔︎Where stories live. Discover now