The 29th minute
"ම්ම්.... ම්ම්ම්... ම්ම්... ...ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප්‍රේමයට.. ප්‍රේමය වෙන්න...
නිල නොවන ජීවිතය පුබුදන්න...
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත්වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්..
සිහිනේ.. සනහා... කිරණින්.. දැවෙනා...
ඉගිලෙන්න ඔබ එක්ක..."
"අහ්හ්
ෂිට් ! මගුලෙ පික් එක !!!"කොහෙට විසිවුණාද...? දැන් ඉතින් හොයනවා බොරු...!!! ඇයි බන් මේ හැම රෙද්දම මටම වදදෙන්නෙ ? අඩෝ පික් එක...! තෝ හිතුවෙ මට තෝ නැතුව මේක ප්ලේ කරන්න බෑ කියලද ? ආහ්හ් ?
"ඒක සීයගෙනෙ ඉතින්... මට තියලා ගියපු දේවල්නේ...?"
"අනෙ කටවහපන්...!"
මේ කරුවලේ ඇඳවල් යටයි, මේස යටයි බඩගානවට වඩා මට වැඩ තියෙනවා ! ඔය මගුල නැති උනා කියලා මගෙ ඇඟෙන් කෑල්ලක් යන්නෑ...! කොහොමත් මං තව මේ මූසල බංගලාවෙ ඉන්නෑ...! මං යනවා කොහෙහරි..!!
හ්ම්ම්...
ඒත් හිතන තරම් දේවල් ලේසි උනානම් කොච්චර හොඳද...? සමහර අමාරු වෙලාවල් වලට අපිට අපිවම රවට්ටගන්න වෙනවා... ඔන්න ඔය වගේ බොරු වීරකම් ආරූඪ කරගෙන...
ඇත්තටම මට මේ බංගලාව දාල යන්න පුලුවන්ද...?
මට ඕනි උනත්, මාව මෙහෙන් එලියට ඇදල දැම්මත්.. මට යන්න පුලුවන්ද...??
එතකොට සියගෙ ගිටාර් පික් එක...? මට ඒක නැතිවෙන්න දෙන්න පුලුවන්ද...?
හ්ම්ම්... ඒක තමා මං කිව්වෙ... අපි දේවල් වලට තදින්ම බැඳිලා... ලොකුද, පොඩිද, ගොඩක් කල් ඉඳන් දන්න දේවල්, අලුතෙන් හමුවුනු දේවල්, පණ තියෙන, නැති දේවල් කියලා වෙනසක් නෑ... සමහර දේවල් අල්ලගත්තම අතහරින්න අමාරුයි... විශේෂයෙන්ම.. මං වගේ කෙනෙක්ට අල්ලගත්තු දේවල් අතහරිනවා කියන්නෙ අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්... ඇයි ඒ කියලා පස්සෙ කියන්නම්...
أنت تقرأ
The 29th Minute
القصة القصيرة[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.