17

470 100 72
                                    

The 29th minute

"ඉතින් හලෝ.. ඇත්තටම එහෙම වුණාලු...!!!"

"තමුසෙ වුණා'ලු' ගාන්නෙ හරියට දන්නැති නිසානෙ.. ඉතින් ඇත්තටම වුණා කිය කිය ඔය මෝඩ කතාව මගෙ ඔලුවට අමාරුවෙන් ඔබන්න ලෑස්ති වෙන්නෙපා.. අර අපේ එකා ගොනා වුණාට මාත් වැස්සියෙක් කියලද හිතන් ඉන්නෙ...?"

"වැස්සි නෙවී මහ ගොං ඊරියෙක් තමුසේ.. පොඩ්ඩක් මං කියන එක තේරුම්ගන්නවකෝ..."

දවස් ගානකට පස්සෙ ආපහු සදී තනියෙම ලංකාවට ආවා.. වෙන වැඩක් දාගන්න කලින්ම අ'පොයින්ට්මන්ට් එකක් දාලා කැෆේ එකකට ඇදගෙන ආවේ මැඩම්ව හම්බෙලා කියන්න පොඩි.. නෑ පොඩිමත් නෙවෙයි.. කොහොමහරි මට එයාට කියන්න දෙයක් තිබුණා... බාගෙට මතක හිටින හීන, අඩනින්දෙන් මතක් වෙන විකාර එක්ක හත් අවුරුද්දකට විතර කලින් අවුරුදු පාටියක් වෙලාවක ඇහුණු කතාවකින් අහුලගත්ත එහෙන් මෙහෙන් ඩේටා කෑලි ටිකක් ඉන්පුට් කරලා කරලා මගෙම විදියට ප්‍රොසෙස් කරලා ගත්තු අවුට්පුට් එකක් තමා මේක..

නාගන්න තීන පොසිබිලිටි එක සීයට එක්දාස් එකයි...!

ඒත් මේ උත්තමාවිට විතරයි පුලුවන් මේ අසරණයට එහෙට පැනගන්න පාරක් කපලා දෙන්න... කොටින්ම කිව්වොත් මං මේ හදන්නෙ මේ සල්ලි කාර නෝනට මගෙ දුක මාකට් කරලා අනුකම්පාව දිනාගන්න..!! ඔව් මේක වැඩනොකළොත් ඩිග්‍රි එකේ ඉතුරු අවුරුදු තුන කම්ප්ලීට් වෙනකල් වපරෙට වත් ඔය පැත්ත නම් බලන්නෑ ඇත්තමයි...!!

සදී කොෆී එකෙන් උගුරක් බිව්වෙ නැට්ට පස්සෙ ගහන් බුරන බලු කුක්කෙක් දිහා බලනවා වගේ නෝන්ඩියට බලන ගමන්... නෝන්ඩිය කාගන්න බැරුව මං මගේ හිස් මග් එක දිහා බලාගෙන නහයෙන් පිඹිද්දි ඒ මෝඩිට හරි ආතල්..

"හා හා කියනෝකෝ මල වදේ.."

ඔන්න ඔන්න වැඩේ සෙට් වීගෙන එන්නෙ.. කෙල්ලෙක්ගෙ අවධානෙ ගන්න නම් ලස්සනට ප්‍රසන්ටේෂන් කරනවා වගේ පැහැදිලිව පියවරෙන් පියවර මේක විස්තර කරන්නෝන.. මේ මේ අමුතුවට බලන්නෙපා හොඳේ.. වයසට ගියේ නිකන් නෙවෙයිනේ.. අපිත් දන්නෝ ඔව්වා..

"කුරුනෑගල වැව අහලා තීනෝද..? රන්තාලිය වැව..? හදලා තියෙන්නෙ තුන්වෙනි බුවනෙකබාහු කියලා ඩෑල් එකක් පොතේ හැටියට... "

The 29th Minuteحيث تعيش القصص. اكتشف الآن