11

633 127 44
                                    

The 29th minute

-----------------------------------------

ඊයෙ රෑ ඉඳන් මං ඉල්ලපු දේ...! මං හිතුවෙවත් නැති තරම් දැනෙන විදිහට හරිම පරිස්සමට ලැබිලා තිබුණෙ හීනෙකින් වගේ... අන්තිමට එයාම ඒ සීමාව පැනලා මගෙ ළඟට ඇවිල්ලා...! පුලුවන් වුණා නම් කෑගහලා අඬනවා...! ඒත් එකපාරට වුණ දෙයින් මාව හිරවෙලා දැනෙන හැඟීම් පිටකරගන්න බැරිව...!

බඩ පුරාම කංකුණ්ඩො රේස් දුවනවා වගේ...! ඒත් නවත්තන පාටක් නෑ... මගේ බය ඇරුණා කියලා දැනෙද්දි කොල්ලා තව තව වැඩ දාන්න පටන් අරන්...! ඒ මං කාලා තියෙන රසම මින්ට් චොක්ලට් එක...! ආයෙ නම් කඩෙන් කන්නෙ නෑ ගෙදරින්ම තමා හුම්ම්...

--------------------------------------------

"සුදු අයියේ..."

"ඔය ඉතින්...!!"

ඇඳන් ආපු සුදුපාට ටවල් එක පිටින්ම මං දූවගෙන ගිහින් එල්ලුනේ ඇඳෙන් වාඩිවෙලා ලැප් එකේ මූණ ඔබාගෙන ඉන්න නපුරු මනුස්සයගෙ කරේ... පපුවට තුරුල් වෙලා බදාගෙන එයාගෙ යෝධ අත මගේ වතුර බේරෙන පිට පුරා එහෙ මෙහෙ දුවනකල් ඇස් දෙක පියාගෙන බලාගෙන හිටියා... අද දවසෙම ලෙක්චස්... එක විනාඩියකට ළඟට ආවෙ නෑ ඔලුව වත් අතගාලා යන්න...! නපුරු මිනිහා...! චුට්ටක් අතපත ගාලා හුරතල් කරපු ගමන් මගේ හිත දඩාවතේ යනෝලු...! ඊට පස්සෙ වෙන වෙන ලෝක වලලු කිසිම දෙයක් අහන් ඉන්නෙ නැතිලු...! හනෙ දන්න තරම තමා මෝඩයා...!!!

"නිම්න... ඔය ඉතින් බලනවා හරියට පිහිදගෙනවත් නෙවෙයිනෙ ඇවිල්ලා තියෙන්නෙ... මගෙ ෂර්ට් එකත් තෙමිලා ඒ ටිකට...!"

"අනේ තමුසෙගෙ මහ ලොකු ෂර්ට් එක...!"

බැන බැන කරෙන් අල්ලලා එහාට කරනවා මාව... මං තව ටිකක් හයියෙන් අල්ලගෙන බෙල්ල අස්සෙ මූණ හංගගත්තා... හ්ම්ම් තරහටත් එක්ක..! එහෙම ඕන වුණාම ළඟට ගන්නයි එපා වුණාම විසි කරන්නයි පුලුවන්ද...???

මගේ වගක් එක තඹේකට මායිම් නොකර එයා එයාගෙ වැඩ.. ෆයිල්ස් පෙරලනෝ, එහෙ මෙහෙ කරනෝ කීස් ප්‍රෙස් කරනෝ ඇහෙනෝ පොඩ්ඩක් එහෙ මෙහෙ වලා කකුලක් නවනෝ දිගාරිනෝ... බලන් ඉන්න බැරිම තැන දත් පහ හයක පාර තියන්න හිතාගෙන අලුපාට  ටී ෂර්ට් එකට උඩින් උරහිස ඇල්ලුවා මෙහෙ කලුපාට දඩෝරියා ඌත් එක්ක සෙල්ලමට නාවම කකුලෙන් අල්ලගන්නවා වගේ...

The 29th MinuteWhere stories live. Discover now