The 29th minute
-----------------------------------
මං හුස්මක් ගන්නත් කලින්, එයාගෙ ඉස්සරහ තිබුණ පැන්සල් ඉරිවලට වැහුණු මගේ පණගැහෙන හැඟීම් ටික එකපාරට ගුලිකරලා විසිකරලා ඉවරයි... අඩුම එක පාරක් වත් ඒ දිහා බලන්නෙ නැතුව...
මං කියන්නෙ එපා නම් නොගෙන ඉන්න තිබුණා... එහෙම වුණානම් අඩුම තරමෙ මං මවපු එයාව හරි මට ඉතුරුවෙන්න තිබුණා... ඒක රිදෙනවා.. හුඟාක්... මහා හුඟක්...
ඒ නිකන්ම නිකන් කඩදාසි කෑල්ලක් නෙවෙයි...
සමහරවිට...
සමහරවිට... මටත් නොතේරෙන හැම දෙයක්ම ඒකෙ ඇඳිලා තියෙන්න ඇති...!
එයාට කියවන්න ගොඩක් දේවල් මං තැනින් තැන කුරුටු ගාලා තියෙන්න ඇති...
------------------------------------------
"නිම්න..!"
"මේ දොර අරින්න..!!"
"දොර අරිනවා කිව්වම..!!!"
"මං ආයෙ කියන්නෙ නෑ...!!!"
විනාඩි ගානකට කලින් ඒ මිනිහව අප්පිරිය වුණා මට...!! ජන්මාන්තර වෛරක්කාරයෙක් එක්ක තියෙන තරම් තරහක් ඒක.. ඒ මිනිහගෙ මූණ වත් ආයෙ බලන්න ඕන නෑ මට... තිත්තයි මට...!!! ඕන නෑ... ඕනෙම නෑ...!!! මේක අස්සෙ ඉන්නෙත් නෑ මං ආයෙ දවසක් වත්...!!
ඒත් ඒක වෛරයක් නෙවෙයි.. ලොකු දුකක් එක්ක ආපු ශොක් එකකට මං රිඇක්ට් කරපු විදිහ කියලා දැනගනිද්දි ගොඩක් කාලයක් ගිහින්...
මං කැමති නෑ මං අඬනවා වෙන කෙනෙක් දකිනවට.. අඩුම තරමේ මං අඬන බව වත් දැනගන්නවට... මාන්නෙද ලොකුකමද දන්නෑ.. "අනේ පව්.." කියන අනුකම්පාව පිරුණ වචන දෙක මං වෙනුවෙන් ඇහෙද්දි ඊට වඩා එපා කරපු තවත් දෙයක් නෑ..! එහෙම වුණාම මට මම මහ බයගුල්ලෙක් කියලා හිතෙන්න ගන්නවා...
අන්න ඒ නිසාම වෙන්නැති මගෙ වටේට තියෙන සීතල බැම්මත් මොනම වෙලාවකවත් බිඳෙන්න දුන්නැත්තෙ... මං නොදැන හිටියට මගෙ හිත දැනගෙන ඉන්න ඇති ඒක.. පොඩි හරි උණුහුමක් දැනුණොත් මං ඒකට ඇබ්බැහි වෙන විත්තිය... එතනින් නවතින්නෙ නැතුව සීතල මරලා දාලා උණුහුම හොයාගෙන යන විත්තිය...! ඒත් මේ පාර මටත් හොරෙන් ගොඩක් දේවල් වෙලා...
KAMU SEDANG MEMBACA
The 29th Minute
Cerita Pendek[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.