13

532 113 68
                                    

The 29th minute

"අහ්හ් ආවද..? ම්... මං කාමරේ අස් කරද්දි හම්බුණේ..."

"අ..යි..යේ...!"

"අර ඒ දවස් වල මහරෑටත් මේක තුරුළු කරන් එළියට වෙලා හිටියනේ...? මොකෝ ඉතින් විසිකරේ...?"

"සුදු අයියේ...!!!"

"ඩයරියක් නේද..? කෝ මුකුත් ලියලා නෑනෙ බන් ඒ උනාට...?"

"ඇයි මට මෙහෙම කරේ ඕයි...? තමුසෙට මේක සෙල්ලමක්ද...?"

"හා හා මේ...!!! නිකන් උඩින් පල්ලෙන් පෙරළලා බැලුවා විතරයි.. ආ අල්ලගන්නෝ...!"

"අයියෙ පොඩ්ඩක් ඉන්නවා මට මේක.හ්..!"

"සොරි නිම්න... අයියට ගොඩක් පරක්කුයි... මට යන්න වෙනවා... ඔයා පරිස්ස.."

"තමුසෙට ඔහොම පැනලා යන්න බෑ...!!! මං මොකෙක් වගේද පේන්නෙ..? මිනිහෙක් යකෝ මාත්.. කතා කරනවා ඕයි...!!! ඇයි තමුසෙ මට නොකිව්වෙ...?? එච්චර අහද්දිත් මගඇරියා...! ඇයි කියපන්...!!! ඇයි යකෝ මෙහෙම කරන්නෙ මට...? පුංචිම හැඟීමක් වත් නැද්ද ඕයි...? මට මොනවා වෙයිද කියලා හිතුන්නැද්ද..? මං මෙහෙම අඬලා චොරවෙන එකෙක් නෙවෙයි ඕයි... උඹ තමා... උඹ තමා මට කිව්වෙ බය නැතුව අඬපන් මං ඉන්නවා කියලා...!!! දැන් උඹට ඒවා ගානක් නෑ..? නෑ නෙහ්...? හා.. හරි කමක් නෑ...!"

අප්පච්චිගෙ මරුටිය කොළපාට පුංචි කඳු ගැටේ දඟරෙට තිබුණු වංගු අස්සෙන් හිමීට පල්ලම් බහිද්දි මං බලන් හිටියෙ අපිට මගහැරුණ දේවල් දිහා... නෑ ඇත්තටම මට මගෑරුණ දේවල් දිහා... වීදුරුවෙ බැඳිලා තිබුණ දූවිලි තට්ටුවට ඒ හැමදේම පාට පිච්චුන පරණ ෆොටෝ එකක් වගේ පෙණුනේ... මලානික අවු රැල්ලක් එක්ක තනිවෙලා ඉන්න සුදුපාට බිත්ති ටික, වෙනදට මේ වෙලාවට ඌරො ගානට බිම පෙරළි පෙරළි නටපු අපේ ගාඩ්න් එක... උස තේ පඳුරු වලට වැහුණ දිරපු මඩුව... මං බයයි මෙහෙම ඒවා මැකිලා බොඳවෙලා යනවට... ඒ නිසාමයි මග හිරවෙන ඉකියක් ගානෙම ඒ මතක තවත් හිර කරලා අල්ලගන්නෙ...

"මේවගෙ පැවැත්මක් තියේවිද දරුවෝ ආයෙ...?"

එළියට බහිද්දිම සෝමම්මගෙ කටින් පිටවුණු වචන ටික...

ඉතින් ඒකම නෙවෙයිද ඇත්ත...? අද ඉඳන් මේ හැමදෙයක්ම අයිති අතීතෙට... වර්තමානයක් අනාගතයක් ගැන හිතන්නවත් හරි හමන් අයිතියක් නැති අතීතෙකට... ආයෙ මේ දේවල් එක්ක ඉන්න පුලුවන් වේවිද...? කාලාන්තරේකට පස්සෙ හැරිලා බලද්දිත් ගස් ගල් මේ වගේම ඉතුරුවෙලා තිබුණත්, එදාටත් අපි මේ විදියටම අපි එක්කම ඉඳිවිද...??? ආගන්තුකයා වෙලා ඉඳීවිද...?

The 29th MinuteWhere stories live. Discover now