07

694 136 59
                                    

The 29th minute

--------------------------------------

මිහිදුම් මගෙ ඔලුව අතගාලා එළියට යද්දි, පරඬැලක් වගේ ඇඳට කඩාගෙන වැටිලා කොට්ටෙක මූණ ඔබාගෙන ඇති වෙනකල් ඇඬුවා... දුකට නෙවෙයි... ඒක සතුට මුහුවෙලා තිබුණ හරි අමුතු හැඟීමක්... මං දන්නෙ මට ඒක බරවැඩියි කියලා විතරයි... "දුකෙන් ඉන්නෙපා... මාත් කතා කරන්නම්..." මට දරාගන්න බැරි තරම් තේරුම් ගොඩක් ඒ වචන ටික ඇතුළෙ හැංගිලා තිබුණා...

මං හරි ලෝබයි ඒ හැඟීමට... ඒ තරමටම බයයි... දේවල් සදාකාලික නෑ තමයි.. ඒත් කලාතුරකින් මුළු හිතින්ම අල්ලගන්න දෙයක් හදිසියෙම මට නැතිවුණොත් එතනින් එහාට හුස්ම ගන්න විදිහ වත් දන්නෙ නෑ මං...

-------------------------------------------------

"ඕයි බෝඩිංකාරයා...! පොඩ්ඩක් එළිය පහළියට බැස්සට කමක් නෑ ඉතින්... අර වත්තෙ පිටියෙ වැඩ තියෙනවා කරගන්න හින්නි අප්පුත් නෑ ගෙදර යැව්වා බේත් ගන්න..."

මහ වදයක් ඕකි...! උදේ පාන්දර ඔය කන්දොස්කිරියාව පටන්ගත්තම ගෙවල් දොරවල් පාලු නොවී තියේවිද...? දොරට තට්ටුකරනවා ඇහෙද්දිම හෑන්ඩ් ෆ්‍රී දෙක ගහගෙන කර්ණ පටහ පටලෙ උඩ ඩ්‍රම්ස් ගහන ගානට සින්දුවක් දාගත්තා... එඩ් අයියා ශ්‍රවණ ස්නායුව පෙන්ෂන් යවන ගානට වැඩ අල්ලනවා...

ටං.. ටංටං - ටං.. ටංටං - ටං.. ටංටං - ටං.. ටංටං

ද ක්ලබ් ඉස්න්ට් බෙස්ට් ප්ලේස් ටු ෆයින්ඩ ලව සො ද බාරිස් වෙය'රයි ගෝ

ම්ම්ම්...ම්ම්..

මී ඇන්ආආආආහ්හ්හ්...!!!!

"මොනහ් $%*...!!!!"

සදාදරණීය හාමුමැණිකෙගෙ නොදන්න ජාතකේ මතක් කරල දෙන්න හයි ප්‍රෙෂර් එකේ විදගෙන විදගෙන ස්වරාලෙන් උඩට ආපු ලස්සන වදන් ටික ඩුං ගාලා මග හිරකරගත්තෙ අතේ තිබුණ භාණ්ඩෙ දැකලා...

සැක් හැදියාවක් නැති ගෑනු..!!! ඔහොමත් කොල්ලො ඉන්න කාමර වලට රිංගනවද..?? මොන මොනා පේන්න තියෙන්න බෑද..? වෙලාවට නැගිටපු ගමන් ශෝටක් ගහගත්තෙ... අනික හෙට අනිද්දා බඳින්න ඉන්නෙ කිව්ව නේද..? සූර්‍යවංශ අංකල්ට හින්ට් එකක් හරි පාස් කරන්නෝන මෙව්වගැන කරපු කැත වැඩේට සරුවපිත්තල නාඩගම..!!! බෑ එක්කො ඕන්නෑ නිකන් ඒ මිනිස්සු ඕසි වල ඉඳන් මෙහෙ ආවත් මේකිව මකෝල වත් හදාගන්න පුලුවන් වෙයිද...???

The 29th MinuteWhere stories live. Discover now