16

475 108 73
                                    

The 29th minute

පහුගිය සති දෙකපුරාවටම හවස් වරුව ගෙවුණෙ පරණ පල්ලියෙ පුස්තකාලෙ තිබුණ පුස් ගඳයි පොත් වල දියවුණ අකුරුයි එක්ක... ඔක්කොටම වඩා මේ දූවිල්ල..! එහෙන් රෑ වෙලා ගෙදර යද්දි අප්පච්චිගෙ නපුරු බැල්ම... කමක් නෑ එහෙම දුක් විඳගෙන බැණුම් අහගෙන හරි මේක හොයාගත්තොත් පාඩු නෑ...!

තේක්ක ලීයෙන් හදපු විසාල දොර පලු දෙක ක්‍රීස් ගාලා එදා ඇරුනෙ කල්ප කාලාන්තරේකින් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... 

මහ අපරාධයක්...!

ඒ හුන්ඩුවක් වගේ කාමරේ උස අල්මාරි තුන හතරක් පිරෙන්නම පොත්...! ඒ හැම එකක්ම කතෝලික පොත්ම නෙවෙයි... මනුස්සයෙක්ට කියවන්න පුලුවන් හොඳ දර්ශනයක් තිබුණ ලේඛකයො ලියපු සල්ලි දීලත් ගන්න අමාරු පොත්..!

සීයගෙයි මගෙයි පොඩි පොඩි කතා අස්සෙන් ඉඳලා හිටලා මතුවුණ ලොකු කතා වල මේවත් තිබුණා.. ඉතින් දැක්කම ආසයි...

ඇයි අර කාර්‍යබහුල මහා උත්තමයාණෝ මහ රෑට කතා කරාම...  ඔය එහෙන් මෙහෙන් කියවගත්තු පිටු තුන හතරක් ගැන මහ පඬියෙක් වගේ කියවන එකෙත් තිබුණෙ වෙනම මෙව්වා එකක්.. කියවන මටවත් හරියට නොතේරෙන විකාර නිසා හරි, නැත්නම් දෙන්නට ගොඩක් එව්ව කරන්න කියන්න තියෙන වෙලාව මං කාලාදාන නිසා හරි "දැන් උඹට මට වඩා වෙන ඒවා ලොකුයිනේ.." කිය කිය මූණත් තහඩුව ඇදකරගෙන කෑගහනකොට මාත් චුට්ටක් උඩ යනවා ඉතින්...

පොඩි ඉරිසියාවක් ලව් කරන කපල් එකක් මැද්දට ආවම ඒකෙත් තියෙන්නෙ වෙනම රහක්..! නැද්ද..?

ඒත් ඒකම නෙවෙයි අම්මා එක්ක නිකමට ආපු ගමන ආයෙ සති දෙකක් පුරාවට ඇදෙන්න තිබුණ ලොකුම හේතුව...!

පල්ලිය අයිනෙ ගහක් අස්සට වෙලා එම්ට ලොකු කතාවක් කිය කිය ඉඳිද්දි මැද්දෙන් ගියපු පොඩි ආග්‍යුමන්ට් එකක් නිසා කොහොම හරි මට අමතක වුණා අපි ඉන්න තැන..! ඒක එහෙම වෙද්දි ශාන්තු වරයෙක් වගේ ඉඳපු මගෙන්, පල්ලිය පෙරළන්න ආපු විප්ලවවාදියෙක්ගෙ වගේ සැක හිතෙන හැසිරීමක් දැකපු කවුද මන්දා බැතිමතෙක් මට ලොකු උදව්වක් කරලා තිබුණා..

The 29th MinuteWhere stories live. Discover now