The 29th minute
---------------------------------------
අයිස් පිරුණ හදවතක් උණුහුමට හුරුවෙන්න හදද්දි ඒක ලේසි නෑ නේද...? මට ඒක කොච්චර ඕන වුණත් යටි හිතට ඒ හදිස්සිය නෑ... ඒක වෙන්නැති මහ ගොඩක් සතුටුවෙන්න ඕන තැන් වලදිත්, පුලුවන් තරම් වාරණ දාලා යන්තමට තැවරෙන්න විතරක් සතුට ඉතුරු කරන්නෙ...
එහෙම කරලා හිත අහනවා මගෙන්...
"හොඳටම විශ්වාසද ඔයාට...? ඔයාට ඕන දේ මේකම කියලා... හැඟීම් එක්ක ජීවත් වෙද්දි ඔයාට පසුතැවෙන්න වෙන්නෙ නැතිවෙයි කියලා...?"
මම ලොකු ලොකු දේවල් දන්නෙ නෑ...
ඒත්,
දන්නවද...? සීතලේ ගැහෙනවට වඩා උණුහුමට ගුලිවෙද්දි හරි සනීපයි...
මං දන්නෙ එච්චරයි...
-----------------------------------------
"තරහද..?"
"ඇයි අහන්නෙ...?"
"නෑ ඉතින්..."
"මොනාද නැත්තෙ...?"
"ම්ම්හ්.."
"මොකද..?"
"ඔයා දන්නවා.. මට අහන්න ඕන දේ.."
මිහිදුම් ආයෙ ගන්නම් කිව්ව කෝල් එක එනකල් බලාගෙන ඉඳලා බැරිම තැන, බැක් පැක් එකේ පතුළටම ඔබලා තිබුණ කරදරකාරයව එළියට ගත්තෙ ඔලුව නිදහස් කරගන්න වෙන විදිහක් නැති නිසා.. ඒ නැතත්, මනුස්සයෙක් නොවී හරි මගෙ පාලුවට හිටපු එකාව තනිකරාදෝ කියලත් හිතෙන්න ගත්තා.. තව කෙනෙක් කතා කරනකල් බලන් ඉන්න එකේ අමාරුව තදටම දැනෙද්දි "එයාටත් එහෙම දුකද දන්නෑ" කියලා මගෙ මෝඩ මොලේ මාව මේ පැත්තට තල්ලු කරා..
"ඔයා හරිම කරදරකාරයෙක් නිම්න..! දන්නවද ඔයා මාවත් අවුල් කරනවා...!!"
"මට තේරෙන්නෑ එම්.. ඒත් මේක මට ඕන... ඒත් මට හරිම අපහසුවක් තව කෙනෙක් මාව කියවන එක.. මට තනියෙම නිදහසේ හිතන්න ඕන.. ඔයා එක්ක බෙදාගන්න බැහැ.. මං දන්නෑ ඔයා මොනා හිතාවිද කියලා.. ඒත් මට ඕන එහෙම..!"
YOU ARE READING
The 29th Minute
Short Story[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.