The 29th minute
-------------------------------------
ඒත්,
එක මොහොතකින් මට අමතක වුණා...
එයා, මම අපේ බැඳීම එයාට මොනවගේද කියලාවත් මං තාම හරියටම දන්නෙ නෑ කියන එක...
ඇස් වලින් කියපු දෙයක්, කලාතුරකින් කියපු වචනයක් මිසක.. එහෙම අයිතියක් තවමත් මට ලැබිලා නෑ කියන එක...!!
මට ඕන වුණේ එයාව...! ඒ උණුහුමේ ගිලෙන්න... පුලුවන් හැම විදිහකින්ම එයාව දරාගන්න... ඒ හුස්මෙ සුවඳත් එක්කම එයා එක්ක ඒ ගින්නෙ ඇවිලෙන්න...
--------------------------------------------
"දාඩියත් දාලා ඒ ටිකට..."
ඒ පපුවෙ වැවිලා තිබුණ රෝම අහුරක් අතකින් මිටිකරගෙන මගේ ගිනියම් වුණ දෙතොල් බෙල්ලට පහලින් තවරද්දි මිහිදුම් මගෙ කමිසෙ ගලවලා අයින් කරේ මුකුත්ම නොදැනුනු ගානට... යන්තම් කැරලි ගැහුණ කොණ්ඩෙ අවුස්ස අවුස්ස දෙතුන් පාරක් පිඹලා හොරෙක් වගේ හිමීට පහත් වෙලා නළලෙ තියපු හාදුව මට දැනුනෙ නැහැ කියන්නෙ කොහොමද...? ඇස් පියවුණේ හාදුවෙ උණුහුමට මිසක් අඬන රතුවුණ ඇස් හංගගන්න නෙවෙයි...
සීතලේ දාඩිය බිංදු මතු වෙලා තිබුණ පිට, එයාගෙ අත් කොච්චර ගොරෝසුද කියලා හොයන්න ගත්තේ බෙල්ලෙ ළඟින් පටන් ගත්තු හීනි දිග ඇඟිලි පිට මැද්දෙන් රූටලා ගිහින් මං ඇඳන් ඉඳපු කොට කලිසමේ දාරෙ ළඟින් නතර වුණ තත්පරේ ඉඳන්ම... ඒවට නවතින්න ඕන වුණේ නෑ... හිමීට හිමීට පිට පුරාම දුවනවා... එක්කො මාව නිවන්න හිතාගෙන...! නැත්නම් තව අවුලුවන්න බලාගෙන...!!
"මේ අලි කොල්ලා අඬනවද තාම...?"
මෙච්චර වෙලා තිබුණ කහපාට එලිය අත දික් කරලා නිවලා දාලා මගෙ ඔලුව උඩින් මූණ තියාගෙන ඉන්න ගමන් බර සුසුමක් හොරාට හෙලනවා ඇහුනා යන්තමට... හරියට ඒ බර මට දැනේවි කියලා බයෙන් වගේ...
ඒත් මගේ තොල් ඉවසුමක් නැතුව හොයන්නෙම එයාගෙ පපුවෙ රස්නේ... ඉතින්... මං තාමත් අඬනවද කියලා දැනගන්නවත් හරි සිහියක් කොයින්ද මට...? කනට කරලා කොඳුරන විදිහට නම්, මං නවතිනවා දකින්න එයාට වුවමනාවක් තිබුණ බවක් පෙනුනෙ නෑ...
YOU ARE READING
The 29th Minute
短篇故事[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.