04

744 150 26
                                    

The 29th minute

---------------------------------------

රතු පාටට හුරු ගණකම හම් කවරේ... ම්ම්හ් හරියටම කුණු ලේ පාට‍යි ඒක... කොන් ටික හමගිහින් දුර්වර්ණ වෙලා... බැල්කනි එකේ ලයිට් එකට ඒකෙ රත්තරං පාටට ලියලා තිබුණු අකුරු ටික දිළිසුණා... "The 29th Minute" මම කවරෙන් යන්තමින් උඩට මතුවෙලා තිබුණ අකුරු උඩ හිමීට ඇඟිලි අරන් යද්දි ඒ අකුරු තවත් දිලිසුණාද මන්දා... නෑ මං හිතන්නෙ මට පෙනුන හැටි වෙන්නැති...

"විසිනව වෙනි මිනිත්තුව...? මොකක්ද විශේෂත්වෙ...??"

පොතේ උඩින් පල්ලෙන් පෙරලලා බැලුවෙ මොකක්ද කියලා හොයාගන්න.. ඒත් පුදුමෙ කියන්නෙ ඒ හැම පිටුවක්ම හිස්...!!! පිට කවරෙයි... අනිත් පිටු වලට වඩා ගණකම් මුල් පිටුවයි අතර රඳවලා තිබුණු උකුසු පිහාටුව හැරෙන්න ඒ පොතේ මුකුත්ම නෑ... එක අකුරක් වත්, ඉරිකෑල්ලක් වත්, එකම එක රූලක් වත් නෑ...

"මේ උකුසු පිහාටුව බුක් මාක් එකක් විදියට පාවිච්චි කරපු එකක් වගේ... ඒත් හිස් පොතක පිටු මොකටද මාක් කරන්නෙ...??"

-------------------------------------------

කිසිම හැලහොල්මනක් නැහැ.. මෙතනට ආපු වෙලාවෙ මාව ගහගෙන යන්න වගේ තිබුණ සීතල හුළං පාර ගියපු අතක් හොයාගන්න නැහැ... සර සර ගගා නළියපු පුස් ගඳ කහපාට පිටු ටික පෙරළිලා පෙරළිලා ගිහින් මුලම පිටුවෙන් නැවතුණ හැටි දැක්කම පොඩි අමුත්තකුත් නොදැනුනාම නෙවෙයි... ඒත් මොනවා හිතන්නද...?? ඒක කිසිම වැඩකට නැති පොතක්... දැනුත් මම ඒක මෙහෙම වත් අතේ තියාගෙන ඉන්නෙ ඒක සීයට අයිති දෙයක් වුණ නිසා විතරයි... සීයා මට ඉතුරු කරලා ගියපු දෙයක් නිසා විතරමයි...

ඒත් එක පාරටම,

බැල්කනි එකේ දාලා තිබුණ කහපාට බල්බ් එක ඩිම් වුණා...

හිතන්න දෙයක් නෙවෙයි තමා... ඒත්,

ඒ කිසිම කමකට නැති විකාර පොතේ කහ ගැහුණු මුල පිටුව පුරාවටම පොඩි පොඩි කලු පාට තීන්ත පැල්ලම් මතුවෙන්න ගත්තම,

තත්පර ගානක් ඇතුළත මුළු පිටුව පුරාවටම ඇඳෙන්නෙ මිනිහෙක්ගෙ රූපයක් කියලා තේරෙන්න ගනිද්දි,

The 29th MinuteWhere stories live. Discover now