02

952 160 27
                                    

The 29th minute

-----------------------------------

මිහිදුම් පුතා... මේ ඉන්නෙ මේ පළාතට අලුතින් පත්වීම ගත්තු ඕ අයි සී මහත්තයා... මිනිහා පාරවල් ගානෙ මිනිස්සුන්ට නෙළනවා... හෙට ඉඳන් පුතා එක්ක වැඩ කරන නිසා මේ දැනගන්නත් එක්ක කිව්වෙ මං..."

කෙළියතාප්පෙට මොනාද යකුනේ මේ වෙන්නෙ...?? අපෙ අප්පා මොකෝ මේ මාව ගෙදරින් එළවගන්න හදන්නෙ...? අනික කවුද මේකා..? මූට මොකක්ද අප්පච්චි එක්ක තියෙන ගනුදෙනුව...???

--------------------------------------

දන්නවද ?

මං ආසම ඒ හැඟීමට...
ළඟින් ඉන්නකල් වැදගත් කමක් නොදැනුනු, රකින්න ඕන කියලා නොහිතුණු... කොටින්ම මහ කරදරයක් වගේ දැනුනු බැඳීම් හදිස්සියෙ දුරස් වෙද්දි දැනෙන පපුව හිරවෙනව වගේ රිදුමට...

නිකන් නෙවෙයි ඒ...

වැඩක් නෑ උඹට මානසික ලෙඩක් බන්...!වරෙන් බෙහෙත් ටිකක් ගන්න..., ඇයි යකෝ මිනිහෙක්ව රුස්සන්නැත්තෙ තොට...? පුතා ඔයාට කිසිම හැඟීමක් නෑනෙ අපි ගැන... කොහොමද ඔහොම ගලක් වගේ ඉන්නෙ...?

එකී මෙකී නොකී දාහක් දේවල් පහුගිය අවුරුදු කීපය පුරාවටම මං අහගෙන තියෙනවා...

වෙලාවකට ඒ දේවල් ඇත්තද මන්දා... කියලා මටත් නොහිතුණා නෙවෙයි...

ඒත්,

අද උදේ අම්මවයි අප්පච්චිවයි මහ කුඹුක් ඔය පාලු බංගලාවෙ තනියෙම දාලා එද්දි යන්තමට පපුව කකියනවා වගේ දැනුන නුහුරු හැඟීම, මමත් අනිත් එවුන් වගේම හුස්ම වැටෙන සාමාන්‍ය මිනිහෙක් කියන එක ඔප්පු කළා...

අන්න ඒ නිසයි ඒක වේදනාවක් වුණත්, ඒ හැඟීමට මං කැමති...

මිහිදුම් කියන්නෙ ඒ කාලෙ සීයගෙ ළඟම යාලුවෙක්ගෙ මුණුබුරෙක්ලු...! අප්පච්චිට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුලුවන් එකම කෙනත් එයා විතරලු...!! මාව එයාලගෙන් ටික කාලෙකට ඈත් කරලා තියන්න ඕන නිසා මට එහේ යන්නලු...!!!

The 29th MinuteWhere stories live. Discover now