12

606 118 72
                                    

The 29th minute

-------------------------------------------

වෙලාවකට හිතෙනවා මං ඉන්නෙ හීනෙක වත්ද කියලා... බැරිවෙලාවත් මේක හීනයක් වුණොත් මට ඇහැරෙන්න ඕන නෑ... එච්චරට ලෝබයි මං... ඒ හුස්ම මාව වෙලාගන්න විදියට... ඒ පපුව මං වෙනුවෙන් ගැහෙන හැටි අහගෙන ඉන්න... ඒ තොල් මාව උණුහුම් කරන විදියට... බරට පපුව ඉඹින විදියට... හෙල්ලෙන්නවත් නොදී ළඟට අරගෙන තුරුළු කරගන්න විදියට...

ඉතින් කියන්නෙපා මට...! මේ හීනෙන් ඇහැරෙන්න කියලා...

------------------------------------

"මේහ්"

"..........."

"කෝලම..."

"........."

"ඌහ්හ්හ්...!!!!"

එහෙන් මෙහෙන් අනිනෝ..! මට තදවෙලා අල්ලලා ඇද්දා පපුවෙ තිබුන රෝම අහුරකින්ම... එයාට පුලුවනි ඕන එකක් කරන්න...! ඒ වුණාට මං කරද්දි...!!! ඊයෙ රෑත් ඔහොමමයි..!!!

මං හිටියෙ ඒ මින්ට් සුවඳ පපුව දිගේ මගෙ අයිතිය තිය තිය පල්ලම් බහින ගමන්...! රසම රස තැන් මගෙ දත්, තොල් අස්සට හිරවෙද්දි ඒ හීනියට කෙඳිරියක් ඇහෙනවා..  සමහර වෙලාවට " චූටිහ්... මැණික... බබා.. වස්තුව... සාගරේ වගේ ආදරේ දෝරෙ ගලනවා" මං අන්තිමට තීරණයක් ගත්තා හැබැයි... හරියටම කිව්වොත් නිරීක්ෂණ වලින් ගැටලු හොයාගෙන උපකල්පන ගොඩනගලා කරපු පරීක්ෂණයක අවසන් නිගමනයට සාර්ථකව එළඹෙන්න පුලුවන් වුණා... දන්නවද..? හපද්දි තමා ආදරේ වැඩිවෙන්නෙ..!!! සමහරවිට පුද්ගලයානුබද්ධව වෙනස් වෙනවා ඇති.. මං කිව්වෙ මේ කට්ට මිනිහා ගැන...!

කොයි වෙලෙත් මොකක් හරි මතක් කරගෙන මාව උඩට ඇදලා අරගෙන.... කහ්ම්... ක්හ්ම්.. නෑ මේ කට කනවට නම් මගේ කිසිම අමනාපයක් නෑ ඉතින්... ඒත් ඉතින් තව වැඩ තියෙනවනේ නැද්ද...?? ඒවා කරගන්නෙ කොහොමද මෙහෙම සැරින් සැරේ උඩට ඇදලා ගනිද්දි.. ඒකමයි රෝම ගුලියක් ගලවලා ගන්න හැදුවේ...!

"රිදෙනෝ බන්...!"

"කමක් නෑ මංනෙ.. මගෙනෙ..."

මං කිව්වෙ කම්මුලකුත් දත් වලින් අල්ලලා පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න ට්‍රයි එකක් දෙන ගමන්...

The 29th MinuteWhere stories live. Discover now