20

1K 123 55
                                    

The 29th minute

කළු නිල් පාට අහස පුරාම හීනි රිදී පාට අතු ඇඳෙනවා... එකක් මැකෙනකොට තව එකක්... හැම දෙයක්ම පර්ෆෙක්‍ට් වෙන්න ඕන කියලා ඩිම් කරපු කහපාට ලයිට් එකට රිදී පාට ෆ්ලෑෂර් එක්ක එයාගෙ ඩියුටි එක කරන්න බැරි වුණා... ලොකු ග්ලාස් වෝල් එක කවර් කරන්න දෙන්නගෙන් එක්කෙක්වත් කැමති නොවුණ නිසා අනවසරෙන්ම කාමරේට රිංගපු අකුණු එළි බරගානකට අපි ඒ වෙනකල් ජීවිතේ විඳපු ආදරණීයම පැය කීපය දකින්න පුළුවන් වෙන්න ඇති...

කලින් ඉඳපු ඇටකිච්චාව උස්සගෙන දඟලපු තාලෙටම, ජිම් ගිහින් ඇඟ හදාගත්තු මාවත් වොෂ් කරලා, පිහිදලා කරේ තියාගෙන ඇඳ උඩට ඇතෑරලා ගියා... අතෑරලා ගියා කිව්වෙ ඉතින් හොඳට උණුහුමට පොරවලා ෆෝහෙඩ් කිස් එකක් එහෙම දීලා...

සීමාව අතික්‍රමණය කරන්න කලින් සියලු බාධක ඉවත් කරන්න ඕන කිය කිය ගලවලා දාපු අපේ යින් - යැන්ග් නෙක්ලස් දෙක එකට සෙට් කරලා තියපු විදියටම තාමත් සයිඩ් කබඩ් එක උඩ... එකට තියෙද්දි අකුණු එළියයි කළුවර අහසයි වගේ... හ්ම්ම්...

"කොන්ද රිදෙනවද...? කෝ එන්න මං අතගාන්න..."

හපෝ ආයෙමත් සුදු කිරි එකක් උස්සගෙන ඇවිල්ලා...!! ඊවූ.. ගඳයි... අවුරුදු ගාණක් තිස්සෙ අතෑරිලා තිබුණ එයා නිසාම පුරුදු වුණ ගන්දස්සාර පුරුද්ද...

ඒක නෙවෙයි සීන් එක.. ගුලි වෙලා වකුටු වෙලා ඉඳපු එකෙන් තව බෝනස් එකක් හම්බෙන්න වගේ යන්නේ...

"නපුරා...!"

"බොරු කියන්නෙපා හොඳේ...! මං ගොඩක් පරිස්සම් වුණා..."

හදිස්සියෙ එල්ලවුණ සාපරාධී චෝදනාව දරාගන්න බැරුව මූණත් නරක් කරගෙන ඇඳට පැනලා මාවත් ඇදලා අරන් දාගත්තා මහ මූකලානක් වගේ රෝම පිරුණ පපුව උඩට... හම්මේ මෙහෙම සනීපයක්...! නාහෙ අතුල්ල අතුල්ල ඉඳලා කෝල බෙයා කෙනෙක් වගේ බදාගෙන බෙල්ල අස්සෙ මූණ ඔබාගෙන හොරාට නිදාගන්න හැදුවෙ..

ඒත් මේ... එකේක ගෑනු කේස් මතක් වෙද්දි කොහොමද සැනසීමෙ නිදාගෙන්නෙ...????

"මේහ්..."

"ම්ම්ම්...?"

"එතකොට අර ගර්ල් ආයෙ කතා කරේම නැද්ද...?"

The 29th MinuteWhere stories live. Discover now