18

447 101 74
                                    

The 29th minute

අහල තියෙනවද..?

කුණාටුවක් එන්න කලින් මුහුද හරි සන්සුන්ලු...

මං නම් නෙවෙයි කියන්නෙ... මට කොයින්ද ඕවට මොළයක්...?

බොහොම අමාරුවෙන් එක ඇහැක් ඇරගෙන කොට්ටෙත් හපාගෙන උදේ පාන්දරම එන ගුඩ්මෝනිං විෂ් එක හොයාගෙන යද්දි අර කොහෙවත් ඉඳපු නිල්පාටයි සුදුපටයි ලයිට්කණු ඇප් එක ඇවිල්ලා අතේ ඇණුනනේ.. හත් අවුරුද්දකින් ඒ පැත්තෙ ගියේ නැති නිසයි අර බූරු පැටියගෙ මෙසේජ් එකේ පරක්කුවටයි කම්මැලිකමට ඕකෙ උඩ පහළ යනගමන් දැකපු පෝස්ට් එකක්...

ඒත් කළු කෝපි පාට කරදිය රැල්ලක් උඩ ලියලා තිබුණ සුදුපාට කුරුමිණි අඬු වගේ අකුරු ටික ඇස් වල ඇලවුණ පමාවට, මොළේ ඇතුළෙ වුණ කරන්ට් ශොක් එක මට දැනුනෙ නෑ කිව්වොත් අමුම අමු පට්ටපල් බොරුවක්...!

"නිම්න.. දැන් මාසයක් විතර මුකුත් අවුලක් නෑ වගේ නේද..?"

"අයියත් හැමදාම වගේ කතා කරා නේද..? වැඩිපුර ආදරේත් වගේ නේද...??"

"එම් එක්කත් හරි පරිස්සමින් හිටියා නේද කොහොම හරි..?"

"කැම්පස් එකේ එක්සෑම් එකත් ගොඩ වගේ නේද...?"

"ඇයි දන්නෑ අප්පච්චි එහෙම වැඩිය බැන්නෙ නැත්තෙ මේ ටිකේ...?"

"සීයගෙ ගිටාර් පික් එකත් උදේ නැති කරගෙන හවස හම්බුණා නේද...?"

"අර ජිම් යන වැඩේත්.. ඒකත් හරිගියානෙ...?"

'එදා වැටිලත් බයික් එක හීරුණේ වත් නෑනේ...?"

"අර මොකෝ බන් ඒ කවදාවත් නැතුව...??"

ඌ මගෙන් කින්ඩියට අහනවා...

හ්ම්ම්.. ලොකු තෑග්ගක් ළඟ ළඟම එනවද දන්නෑ... ම්ම්හ්හ් අර බූරුවගෙන් නැතුව ඕන එකෙක්ගෙන් ඕන එකක්...!

"ඒ මේහ්..."

අඩෝ කොයි වෙලේද මේ යකා ඇඟ යටට රිංගගත්තෙ...? එම්ම්හ්..??? හිරවෙලා ඉන්නහැටි දැක්කම තරු පෙනුනා... නොදැන වෙන වැරදිත් මේ අසරණයගෙ අකවුන්ට් එකටමද වැටෙන්නෙ රත්තරනේ ...??

"ඔයා මැරිලද..? අනේහ් පණ තීනෝද..? හුම්ම ගන්න අමාරුයිද ඒහ්..? සීපීආර් ඕන වගේද...? නැත්තම් පොඩ්ඩක් හොල්ලන්නද...?"

The 29th MinuteDonde viven las historias. Descúbrelo ahora