A/N

627 110 89
                                    

The 29th minute විසි නව වෙනි මිනිත්තුව කියන්නෙ තනිකරම හිතලුවක්... ඒ ප්ලොට් එක මට මුලිම මැවුණම මේ ගානට ලියාගන්න පුලුවන් වේවි කියලා හිතුවෙ නෑ... මොකද ඒක හරි සංකීරණයි.. පිටින් පේනවා වගේ නෙවෙයි වචන අස්සෙ හංගන්න ගොඩක් දේවල් තිබුණා

ඒකයි මං පටන් ගන්න තැනම කිව්වෙ මේක කලබලෙන් කියවන්න බැහැ...

කියවන්න පුලුවන් ඒත් කියවන එකේ තේරුමක් නැහැ.. උඩින් කියන කතාව විතරක් කියවන්න පුලුවන් ඒත් වැදගත්ම දේවල් අහුවෙන්නෙ නැහැ..

කොහොම වුණත් මට දැනෙනවා මං සාර්ථක වුණ බවක්...

ආපස්සට බලද්දි මට තේරුණා මට ඕන වුණ විදියටම ගොඩක් දේවල් මගෙ අතින් කියවිලා තියෙනවා....

මට ඔයාලට දෙයක් කියන්න ඕන එම් ගැන... විසි නව වෙනි මිනිත්තුවෙ කතාව ගැනත්...

මතකද මිහිදුම්ගෙ ගෙදරදි එම්ව අරගෙන නිම්න මහ රෑ එළියට ගියාම රෑ දොළහමාර කිට්ටුව එකපාරට ලොකු විපර්‍යාසයක් වෙනවා...

ඒ වෙලාවෙ වෙලාව හරියටම 00:29 යි...

ඔතනින් තමා පටන් ගන්නෙ...

ඇයි විසි නවයම...??

නිම්නගෙ සීයගේ ගමේ පල්ලියෙ ෆාදර් කියනවා එයා එම්ව සීයට දෙද්දි ඒ පොතේ තිබුණ ඉලක්කම 28...!

එම් කියන්නෙ පොතක් සිරුර කරගත්තු ආත්මයක්...

එයාට ඉඳපු 29 වෙනි අයිතිකාරයා තමා නිම්න...

එතකොට 28 වෙනියා නිම්නගෙ සීයා...

එයා කෑම්ප් එකේදි හදිස්සියෙම අතුරුදන් වෙනවා.. කෙස් ගහක් වත් හොයාගන්න බැරි විදියට...

එතකොට අද එම්ව නැතිවෙද්දිත් විනාඩි 29ක් ගියා...

හරි...

මතකද එම් කිව්වා නීති තුනක් ගැන...

එයා නිම්නට පැහැදිලි කරලා දෙනවා ඒවා කඩන එක හොඳ නැත්තෙ නිම්නටමයි කියන එක...

ඒ නීති තියෙන්නෙ එම්ට ඕනවට නෙවෙයි... එයා කියනවනේ කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන බැඳීමකට ගරු කරන්න...

ඉතින් එම්ව වුණත් එහෙම ඕන වෙලාවට පාවිච්චි කරලා අනිත් වෙලාවට නරක විදියට සලකන්න බෑ...!

ඒවා හැදිලා තියෙන්නෙ එහෙම...

පොත ලැබෙන කෙනාට තියෙන්නෙ අවස්ථා තුනයි උපරිම...

ඒත් නිම්න සෑහෙන්න කඩනවා ඔය නීති...

ඒත් එම් හරි ආදරෙයි ඒ හිතුවක්කාරයට.. ඒ නිසා එයා අමාරුවෙන් දරාගෙන ඉන්නවා අන්තිම කලු ඉර ඇඳෙන්නෙ නැති වෙන්න...

හරි දැන් ප්‍රශ්නෙ ඒක ඇඳුනොත් මොකද වෙන්නෙ...?

කළගුණයක් දන්නෙ නැති ස්වාමියට ලැබෙනවා දඬුවමක්...! එයාව ලෝකෙන් අතුරුදන් වෙල යනවා... එයාව හිර වෙනවා පොත ඇතුළේ...

නිම්නගෙ සීයට වුණේ ඒක...!

කොහොමත් කියනවනේ එයා හරි අමුතු මනුස්සයෙක් කියලා.. ඒත් හොඳයි ඉතින්..

කොහොම හරි එයාගෙ අතින් ඔය නීති තුන කැඩුණා.. කෑම්ප් එකේදි එකපාරට එයාව අතුරුදහන් වුණේ එහෙම...

එම් දරාගත්තෙ නැත්නම් නිම්නටත් වෙන්නෙ ඕකම තමා...

අද නිම්න තෑග්ගක් ඉල්ලුවා...

එම් නිම්නගෙ හිත කියවන නිසා දන්නවා සීයට ආදරේ තරම... එයාට හග් කරන්න ඕන වුණා සමහර වෙලාවට... ඒවා එම්ට දෙන්න බෑනේ...

ඉතින් එයා සීයව දුන්නා නිම්නට...

හැබැයි ඒකෙන් එයාට යන්න වෙන බව දැනන් හිටියා එයා...

ඒත් ඒක එම්ට දඬුවමක්... එයාට ආයෙ එන්න බෑ...

ඒත් එයා ගියේ නිම්න එක්ක එයාගෙ මතක ඔක්කොම ලියලා තියලා...

එයා ඉල්ලුවෙ එයාව මතක තියාගන්න කියන එක විතරයි...

කතාව ඉවරවුණ නිසාද, නැත්නම් අන්තිමට වුණ දේ නිසාද කියන්න දන්නෙ නෑ මට ගොඩක් දුකයි...

මේක එක වචන ටිකක් විතරක් නෙවෙයි... හොඳට බලන්න ඒ වචන අස්සෙ ගොඩක් දේවල් හංගලා තියෙන්නෙ...

කමෙන්ට්, වෝට් කරපු අයට ගොඩක් ස්තූතියි...❤️

මම
Day_Dreame_r

📩 daydreamer001226@gmail.com

The 29th MinuteWhere stories live. Discover now