19

513 92 70
                                    


The 29th minute

පහුගිය අවුරුදු තුන ගෙවුණෙ කොහොමද කියලා දැනගන්න එකෙන් ලොකු වැඩක් තියේවිද...?

මං නම් හිතන්නෑ ඉතින්..

එක්කො කමක් නෑ...

ඒ ටික නැතුව මේ කියන්න යන කතාව කොහොමත් අසම්පූර්ණයි...!

දැන් අහවි අසම්පූර්ණ මිනිහෙක් වුණ මට කොහොමද සම්පූර්ණ කතාවක් තියෙන්නෙ කියලා...

ඔව්.. නෑ තමයි..!

ඒත් මං උත්සාහ කළා පුලුවන් හැමවිදියටම මගේ කතාව සම්පූර්ණ කරගන්න...

ඒකට නැහුණ තරම දන්නෙ මං විතරයි...

කරන කරන හැම වැඩකදිම, යන එන හැම තැනකදිම, ජීවිතේට ආව ගිය මිනිස්සු එක්ක තිබුණ හැම පුංචි ගනුදෙනුවකදි පවා මාව හිරවෙන එක තැනක් හරි තිබුණා...

ඔව්.. මං කිව්වනේ ඒ පුංචි කාලෙදි අපි එකතු කරගෙන තිබුණ මතක හුඟක් බරයි...

ලස්සන ආදර කතාවකට ලියවුණ නාට්‍ය පිටපතකදි තනි මිනිහෙක්ට ඇවිල්ලා කරන්න පුලුවන් දෙයක් නෑ... ඒක තනිකරම තේරුමක් නැති විකාරයක් වේවි..

ඒත් එයා එක්ක ඉන්න ඕන අනිත් කෙනාට ලැබිලා තියෙන්නෙ වෙනම නාට්‍ය පිටපතක් නම්...? ඒකත් වෙනම කෙනෙක් එක්ක නම්...?

එතකොට අර තනි මිනිහා මොකද කරන්නෙ...? දමලා ගහලා යන්නද...?

මං මුලදිම කිව්වා මතකද...? අපි දවසින් දවස ලොකු පොඩි බැඳීම් හදාගන්නවා.. තියෙන බැඳීම් තව තද කරලා අල්ලගන්නවා... ඒවා අස්සෙන් සමහර බැඳීම් කැමැත්තෙන්ම නැති වෙලා යනවා.. පණ තියෙන, නැති කියලා තෝරන්න බෑ අපි තද කරලා අල්ලගත්තු දේවල් තියෙනවා එහෙම හිතු මනාපෙට දාලා යන්න බැරි.. අන්න ඒ දේවල් වලට අපි නැති වුණොත් ඉස්සරහට යන්න අමාරුයි...

ඉතින් අර තනි මිනිහට අකමැත්තෙන් හරි පිටපතේ විදියට තනියෙම රඟපාන්න වෙනවා..

අද ඔබ නැතිව ඔබ එක්ක... මම ඉන්නවා...

හ්ම්ම් ම්ම් ම්ම්ම්...

අප්පච්චි නිසා ලෝකෙ ඉස්සරහා මහ වැඩ්ඩෙක් වගේ හැසිරුණාට, බොරුවට මූණෙ ලස්සනට අලවගෙන ඉඳපු හිනාවට යටින් ඔය වේදනාව හැමදාම තිබුණා...

The 29th MinuteWhere stories live. Discover now