-00-

2.8K 219 18
                                    

"ප්ලීස් එම්... මට බැහැ මේක කරන්න... මට මේ ඔක්කොම අතාරින්න ඕන.. මට මහන්සියි හුඟක්..."

"දන්නවද නිම්න... ගොඩක් වෙලාවට අපිට වටින අයව දුරස් කරගන්නෙ අපිමයි... එහෙම හිත් තමයි ආදරේ හිතේ තියාගෙන ආයෙ එකතු වෙන්න බැරුව විඳවන්නේ...

මං දන්නවනේ මිහිදුම් කියන්නෙ කුකුල් කේන්තිකාරයෙක්..."

"ඔයාට තේරෙන්නෑ මේක... ඔයා නාකි පොතක්... පොතක් කෝමද මනුස්සයෙක්ගෙ හැඟීම් තේරුම්ගන්නෙ...??? ඔයාගෙ ඔය හණමිටි අදහස් වලින් මට වැඩක් නෑ...!! කවුරු නැතත් ඔයා මාව තේරුම්ගනීවි කියලා හිතපු මාව එල්ලන්න ඕන මේ බාල්කෙ...!"

"දරාගන්නම බැරි තැන් වල උනත් අනිත් කෙනා වෙනුවෙන් හුස්මක් ඉතුරු කරන්න නිම්න...! ඔයාට පුලුවන් කමක් තියෙනව නම්...!! හැමදේකම කෙළවර ඔයාට විඳවන්න වෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි..."

"ඒ පාර මොකක්ද කියවන්නෙ...?"

"එයා ගැන ඔයා තරම් වෙන කවුද දන්නෙ...? මිහිදුම් ඒවගේ කෙනෙක් නෙවෙයි...  ඔය හෙන පුපුරනව වගේ ඇහුනෙ එයාගෙ හිතේ තිබුණු දේවල් නෙවෙයි... නේද...? නේද ආහ්හ්...??? කෝ කියනවකො වදේ...!"

"ම්හ්..."

"ඒ මැටි මොලෙන් ඕක තේරුම් අරගෙන ආපහු එද්දි ඔයා ඔතනම ඉන්න ඕන නිම්න... එහෙම නොවුනොත් ඔයාට පසුතැවෙන්න වේවි... එයා ඔයා වගේ නෙවෙයි... ඔයාට මං හිටියට එයාට කවුද ඉන්නෙ...?? ඒ නිසා එයාට ආයෙත් එන එක අමාරු කරන්නෙපා...!"

"ඔයාට ඒක ලේසියි වගේ පේන්වද...? එතකොට මං කොන්දක් නැති එකෙක් වෙනවනේ...??? මගෙ පැත්තෙනුත් ටිකක් හිතන්න...!"

"නෑ.. මං දැන් එහෙම කිව්වෙ නෑනේ...? ඒක අමාරුයි.. ගොඩක් අමාරුයි... ඒත් මං එහෙම කිව්වෙ ඒ ඔයා නිසා... ඒක කරන්න හැම කෙනාටම බෑ... ඔයාට විතරයි පුලුවන්..."

"ම්හ්..."

"මං දන්නවා හැමදාම, හැමදේකදිම ඔයාට කලින් ඔයා මිහිදුම් ගැන බැලුවා..."

"ඉතින්...?"

"ඉතින් අදත් ඔයා ඒකම කරනවා කියල දන්නවා මං... ඔයාට අමාරුම තැනත්, තාමත් එයා වෙනුවෙන් ඉඩක් තියාගෙන නේද ඉන්නෙ ඔයා..."

"මේක කරන්න බෑ ඉත්තෑවෝ...!!! තමුසෙ මගෙ හිත කියවනවනේ...??? තමුසෙට බැරිද පාඩුවෙ ඉන්න මගෙ ඒවට පැත්තෙන් දෙන්න එන්නැතුව... වෙලාවකට මට හිතෙනවා තමුසෙව ඉරලා ඉරලා ගිනිගොඩකට විසිකරන්න... වදයක්නෙ ඕයි...! මගුල !"

"ඔය ඔය ඉතින්... පුංචි මහත්තයා අපේ ආදරේ නාමෙන් දුන්න පොරොන්දු අමතක කරනවනේ. හිත රිදුනා හුම්ම්ම්... ඔයාට මාව එපාද ම්ම්හ්...??"

"වැඩක් නෑ...! කොයිවෙලෙත් මට කෑගහන, මයින්ඩ් හැකර් කෙනෙක්ව තියාගෙන මං මොනා කරන්නද...?? තමුසෙ යනවකෝ මිහිදුම්ව හොයාගෙන මට වඩා එයා ගැනනෙ හොයන්නෙ...?
ඒයි මේ මේ.. ඇත්ත කියනවා..!  තමුසෙත් ලව්ද එයාට...???"

එම් (M)නිම්නගෙ හොඳම යාලුවා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

එම් (M)
නිම්නගෙ හොඳම යාලුවා

•••••••••••••••••••••••

කලබලෙන් කියවන්න නම් එපා කියලා කියනවා මම.. මොකද මේකෙ තියෙන හැම වචනයක්ම එක වචනයක් විතරක් නෙවෙයි...

The 29th MinuteTahanan ng mga kuwento. Tumuklas ngayon