Chapter 1

1K 81 19
                                    

Someone pov...

මම උදෙන්ම ලෑස්ති වුනේ යුනී යන්න. ඔම්මටත් සමුදීලා ගෙදරින් එළියට ආවා. ටික වෙලාවක් යද්දි මම යුනී එක ළගටම ආවා, මම ඇතුලට ගිහින් ගේට් එක ලග තියෙන බෙන්ච් එකකින් වාඩි වුණා.

දැන් ඉතින් හිටපන්කෝ පැයක් විතර මේකා එනකම්. මම මටම කියා ගත්තා... එයාට නම් ඉතින් ගානක් නෑ මොකද එයා එන්නේ අප්පා එක්ක නිසා...

ආයිෂ් මේ ජිමියා තාම නෑනේ.. මූ මොන මගුලේ ගිහින්ද මන්ද.. මෙලහකටත් නැගිටින්න පරක්කු වෙලා තාම ලෑස්ති වෙනවා ඇති...

මම ජිමින්ට හිතින් බැන බැන ඉද්දි මන් දැක්ක ඈතින් ජිමින් එනාවා...

"අනේ මගේ සෝලෝ..." මෙන්න මූ කෑගහගෙන ඇවිත් මගේ ඇගට පැන්නා..

"ආයි මගෙ කොන්ඳ, බහිනව මගෙ ඇගෙන් අලයෝ.."

"හරි හරි ඉතිම් කෑගහන්න එපා ආදරේටනේ නැග්ගේ හී..." එයා එහෙම කියලා දත් තිස් දෙකම එළියට දාලා හිනා වුණා..

"මොකද බන් පරක්කු වුනේ මොන දේ කරන්න ගියත් උබ පරක්කු වෙනවානේ, හැමදාම උබ පරක්කු වෙනවනේ බන්..."

"ආ මේකනේ බන් අද අපේ අප්...."

"නවත්තගනින් නවත්තගනින් උබ හැමදාම කියන බොරුවනේ කියන්න යන්නේ..."

"නෑ නෑ ටේ ඉතිම් ඇත්තනේ කියන්න ගියේ..."

"හරි හරි දැන් කියවන එක පැත්තකට දාලා යමු ඇතුලට.."

"ම්ම්ම්..." මායි ජිමිනුයි කියව කියව පන්තිය ඇතුලට ගියා...

ආහ් මම Kim Taehyung, Seoul University එකේ දෙවන වසරේ ශිෂ්‍යයෙක්... ආහ් ඔය මාත් එක්ක කතා කර කර හිටියේ මගේ Soulmate ජිමින් එයත් මගෙ වයසම තමයි.. ප්‍රශ්නෙ කියන්නේ මේ මනුස්සයා මට වඩා ගොඩක් මිටියි.. ඒ වුනාට කට නම් ආෂ් කියලා වැඩක් නෑ....

"අර බලපන්කො බන්..."

"මොකක්ද?"

"සුගා කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.."

"ඉතින් අපිට මොකෝ කෙල්ලෙක් එක්ක බැරිනම් කොල්ලෙ.... පොඩ්ඩක් හිටපන් ආහ් දැන්නේ මට මීටර් වුණේ..."

"සුගා හියුන්ග් කියන්නේ උබේ ඒක පාර්ශ්වික ආදරේ නේ..."

"අනේ ටේ කට පියන් හිටපන්,, මම නිකන් පෙන්නුවෙ උබ මගුලක් කියවනවා.."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Donde viven las historias. Descúbrelo ahora