Chapter 15

251 38 26
                                    

Jungkook pov...

ඊයේ දවස නම් ආහ් ඇත්තටම ගොඩක් සතුටින් හිටියේ මන්. අනේ මගේ යාලුවත් දැන් ලවර් කෙනෙක්... අනේ මටත් මොකෙක් හරි ඕනේ ලව් කරන්න.. නෑ එක්කෝ එපා මේ ඉන්න විදිය හොඳයි...

"ඕහ් දැන් නේ මතක් උනේ...." මට එක පාරටම මතක් උනේ ජින් හියුන්ග් ඊයේ කියපු එක.. දැන් කොහොම හරි ටේහ්යුන්ගේ නම්බර් එක හොයලා දෙන්න ඕනේ..

"ජන්කුක්.." මට ඇහුනේ හොබියා දොර කඩන්න වගේ තඩි බාන සද්දේ..

"මොකෝ බන් මේ මහ පාන්දර දොර කඩන්න හදන්නේ..." මම හයියෙන් කෑ ගහලා ඇහුවේ කාමරේ ඉන්න නිසා ඇහෙන් නැති වෙයි කියලා හිතලා...

"අනේ හොඳ පාන්දර යකෝ දැන් නවයට විස්සයි වෙලාව..." ඈහ් මේ හොබියා ඇත්තද කියන්නේ මම ඇඳෙන් නැගිටලා පෝන් එක අතට ගත්තේ වෙලාව බලන්න..

ඔව් නේනම් ආයිෂ්...

"කුක්කෝ...."ආයිෂ් මේ යකා ගිහින් නැද්ද තාම දොර ගාවද..

"ආ උබ පලයන් හොබියො මම මූණ හෝදන් එන්නම්..."මම හොබීට එහෙම කියලා පෝන් එකත් මේස උඩින් තියලා වොෂ් රූම් එකට ගියා...

Jungkook pov end..

Taehyung pov...

"මමයි ජිමිනයි හිටියේ ලෙක්ච හෝල් එකේ අන්තිම පේලියේ.." සර් කාරයා එනවා මොනවද බූත වගයක් කියෝලා යනවා මෙලො මගුලක් තේරෙන්නේ නෑ මෙහෙම ඉදන් හිටියට මට නම්.

"ජිමිනෝ...." මම ජිමිනගේ අතට තට්ටුවක් දාන ගමන් කතා කරා..

"මොකෝ?.."මේකාට මොකක් වෙලාද?

"මොකද යකෝ උබට වෙලා තියෙන්නේ ගහගන්න වගේ කතා කරන්නේ.." මම ඇහුවේ ජිමිනගේ මූණට එබෙන ගමන්..

"මුකුත් නෑ ටෙයියෝ..." මුකුත් නෑ අනේ ඉතින් මූ මටනේ බොරු කියන්න හදන්නේ...

"හහ් තෝ මටද බොරු කියන්නේ..මොකද තොට වෙලා තියෙන්නේ??"

"අනේ මුකුත් වෙලා නෑ මට.. කම්මැලි මෙතන ඉන්න බෑ ඒකයි.."

"ආ ඒකද මටත් බන් තව ටික වෙලාවයි ඊට පස්සේ යමු හොඳේ cafeteria එක පැත්තට.." මම දත් තිස් දෙකම පෙන්නල හිනා වෙන ගමන් කිව්වා..

ටික වෙලාවකට පස්සෙ මායි ජිමිනුයි cafeteria එක පැත්තට ඇවිත් බීම දෙකකුයි බර්ගර් දෙකකුයි අරගෙන එතන ටේබල් එකකින් වාඩි උනා. අපි දෙන්නම එක එක බූත කතා කර කර කන්න ගත්තා. මෙන්න මූ සුගාට බයින්න ගත්තා එකපාරටම.....

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now