Chapter 17

202 36 16
                                    

One week later...

Author pov...

උදේ පාන්දරම ඇහැරුන ටේ මූණ හෝදන් කුස්සියට ගියේ උදේට කන්න මොනවා හරි හදන්න හිතන්. වෙනදට වඩා වේලාසනින් නැගිට්ටේ අද ටේට ලොකු වැඩක් වැටිලා තියෙන නිසා, ඒ එයාගේ ඔම්මව හොස්පිට්ල් එක්කන් යන්න. පහු ගිය දවස් ටිකේම ටේ ඇගිලි ගැන ගැන හිටියේ මේ දවස එනකම් මොකද එයාට සතුටුයි මේකෙන් එයාගේ ඔම්මව හොඳ කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුව තිබ්බා. ඒත් ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයිද.....

"ඔම්මා ඔයා ලෑස්ති උනාද?" ටේ ඔම්මගේ කාමරේ දොරට තට්ටු කරන ගමන් ඇහුවා.

"ඔව් පුතා ඉන්න මම එන්නම් එළියට.."

"හරි හරි ඔම්මා.."

ටික වෙලාවකට පස්සේ ටේ ඔම්මත් එක්කම ටැක්සියකින් ඇවිත් සෝල් හොස්පිට්ල් එක ගාව බැස්සා.

"පුතා.." ඔම්මා ටේගේ අතකින් අල්ලගත්තා..

"ඕ කියන්න ඔම්මා.." ටේහ්යුන්ග් ඇහුවේ ඔම්මගේ අත උඩින් අත තියන ගමන්...

"පුතා මෙතන නිකන් ලෙඩ හොඳ කරන තැනක් නෙවෙයි සල්ලි ඕන වෙනවා. ඉතින් කොහොමද පුතා ඒවට වියදම් කරන්නේ ආහ් මාව මෙහෙම එක්කන් ආවට..." ඔම්මා ටේගෙන් ඇහුවම ටේ කලේ ලාවට හිනා වුන එක..

"මොකද පුතා ඔයා හිනා වුනේ..."

" ආහ් ඔම්මා ඔයා ඒ ගැන හිතන්න යන්න එපා වියදම් ගැන මන් බලාගන්නම් හරිද? දැන් අපි ඇතුලට යමුද ආ..."

ටේයි ඔම්මයි හොස්පිට්ල් එක ඇතුලට ගියා. ටේ ගිහින් නර්ස් කෙනෙක්ගෙන් ජින් ගැන ඇහුවා..

"ආහ් සර් පොඩ්ඩක් ඉන්න මම ඩොක්ටර්ට කියන්නම්.."

"ආහ් මාත් එන්නද මිස්..."

"ආහ් එන්න, මිස් ඔතනින් වාඩිවෙලා ඉන්න.." ඒත් එක්කම නර්ස් එතන තිබුණ පුටු පෙන්නලා වාඩි වෙලා ඉන්න කිව්වා..

"සර් පොඩ්ඩක් ඉන්න ඔතනින්.." එහෙම කියලා ඒ නර්ස් රූම් එකක් ඇතුලට ගියා..
ටික වෙලාවකින් ජින් රූම් එකෙන් එළියට ආවේ ඒ නර්ස් එක්කමයි..

"ආහ් මේ ටේහ්යුන්ග්නේ.."

"ඕ ජින් හියුන්ග්...."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now