Chapter 20

213 32 34
                                    

Jimin pov...

මොනවද අප්පා මේ සුගා හියුන්ග් අහන්නේ, කවුරුත් නැද්ද කියලා අහනවා ඊට පස්සේ කියනවා කෙල්ලො ගැලපෙන්නේ නෑලු මට හහ්.. හැබැයි ඉතින් ඒක කියද්දී නම් මගේ කම්මුල් දෙක රතු වෙනෝ කියලා මට දැනුනා..

මන් හෙමීට බැලුවේ සුගා දිහා එයා මන් දිහා බලාගෙන ඉන්නවා. නිකන් මාව කන්න වගේ හම්මෝ ඒ ඇස් මාව වැඩි කලක් නොගිහින් සෝල් මානසික රෝහලේ නතර කරන්න වෙනෝ. මේ මනුස්සයා නිසාම....

තාමත් එයා මන් දිහා බලන් ඉන්නවා. මම ඉක්මනට අහක බලා ගත්තා. වස ලැජ්ජාවනේ මාත් කට ඇරන් බලන් ඉන්න ගියොත්....

"ම්ම්ම්හ්, ජිමින් මන් ඔයාට කැමතියි...." ඈහ්හ්හ් ම්..මෝකාක් ඒ එයා ඒ මොකක්ද ඒ කිව්වේ... මම ඉක්මනට එයාගේ පැත්ත හැරිලා එයා දිහා බැලුවා.....

"ම්..මොකාක්??....." මන් ඇහුවේ එයා ඒ මොකක්ද කිව්වෙ කියල තේරුම් ගන්න බැරිව....

"ආහ් ජිමින් මන් කිව්වේ මම ඔයාට කැමතී..... ඒ කියන්නේ මන් ඔයාට ආදරෙයි.... ම්ම්ම් ම..මන් දන්නේ නෑ ඔයාගෙන් මේකට මොනවගේ උත්තරයක් හම්බෙයිද කියලා ඒත් මන් ඔයාට ගොඩක් කැමතී... මන් මුලින්ම ඔයාව අර ලෙක්චර් හෝල් එකේදි දැක්ක වෙලේමයි ඔයා ගැන කැමැත්තක් ඇති වුනේ... ඒත් මම හිතුවේ ඒක ආකර්ෂණයක් වගේ දෙයක් විතරයි කියලා ඒත් ඒක එහෙම නෙවෙයි... ඔයා නිතරම හිනා වෙවී ඔයාගේ අර යාලුවා එක්ක කතා කර ඉන්නකොට,මම ඔයාගේ ලගට ආවම ගැහෙන විදිහ, බොරුවට කේන්ති ගන්න විදිය දැක්කහම මාව නිකන්... ආහ්හ් මට කියාගන්න තේරෙන්නේ නෑ. ඒ වගේම ඔයා වෙන කා එක්ක හරි ඇගේ එල්ලීගෙන හිනා වෙවී ඉන්නවා දැක්කහමත් මට පට්ට කේන්ති ඒ වෙලාවට ඒ ලග ඉන්න එකාගේ දත් ටික බඩට යවන්න හිතෙනවා.. අනේහ් මන්දා මේක නිකන් පිස්සුවක් වගේ... ඔව් දැන් මට පිස්සු හැදිලා තියෙන්නේ ඒ ඔයාව දැක්ක දවසේ ඉදන්... ම්ම්ම් ඉතින් මට මේක තවත් හිතේ තියන් ඉන්න ඕනේ නෑ කියලා හිතුන නිසයි මන් ඔයාට මේක කියලා දැම්මේ... දැන් මම මේක කිව්වා කියලා ඔයා කැමති නැත්නම් මට ඔයා මාත් එක්ක කතා නොකර ඉන්න එපා.. මගහරින්න හදන්න එපා ප්ලීස්........"

"ස්...සුගා හියුන්ග්...."එ... එයාහ් මට කැමතී කිව්වා.. අනේ මම ඇත්තටම මේ දකින්නේ හීනයක් නේද? ආහ්හ් මට ඇඩෙන්නත් වගේ දැන්නම්.. කැමති නෑ හහ්..... පිස්සුද පූසෝ මන් තමුසෙට කොයි කාලේ ඉදන්ද කැමති වෙලා හිටියේ.. මම ඒක කියාගන්න බැරිව මොන තරම් අසරණ වුනාද ආහ්හ් දැන් මෙහෙම කියනවා... ම්ම්ම්හ් ඒත් පොඩ්ඩක් ගණන් උස්සලා ඉන්න ඕනේ එක පාර මොකාද වගේ මාත් ඔයාට කැමතී ගාන්නේ නැතිව.....

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now