Chapter 19

191 33 25
                                    

Taehyung pov...

හියුන්ග් ටික වෙලාවකට පස්සේ එළියට ඇවිත් මාවයි ඔම්මවයි එක්කගෙන ආපහු ඒ රූම් එකට ගියා. ඒ ඩොක්ටර් ඔම්මගේ විස්තර අහලා ඔම්මව සම්පූර්ණයෙන්ම චෙක් කරා..

( Blood sample, pressure, cholesterol & diabetes. මේ වගේ දේවල් හොඳේ🙂...)

ඔම්මට තියෙන්නේ ලේ පිළිකාවක් කිව්වා, ඒක ගොඩක් දුරට පැතිරිලා කියලා ඒ ඩොක්ට කිව්වා. එයා නොකියා කියන්නේ ඔම්මව බේර ගන්න අමාරුයි කියලා මට හොඳටම තේරුනා. ඒත් මට තේරෙන්නේ මම මොකක්ද කරන්න ඕනේ කියලා...

ඔම්මව හොස්පිට්ල් එකේ නතර කරගත්තා. මම ගෙදර යන්න පිටත් වුනේ ඔම්මට ඕන කරන දේවල් ටිකයි ඔම්මට සුප් එකකුයි හඳන් එන්න හිතන්...

මම බස් හෝල්ට් එකට ඇවිත් දැන් විනාඩි 10 ක් විතර තවම බස් එකක් නෑ...

"ආහ් එපා වෙනවා..."ඒත් එක්කම මගේ ඉස්සරහින් කලු පාට කාර් එකක් නැවැත්තුවා.

"මේ කවුද?" මම හිතින් හිතන ගමන් ටිකක් එතනින් ටිකක් පිටිස්සට වුනා...

"ඒත් එක්කම ඒ කාර් එකේ ෂටර් එක ඇරුනා."

"හේයි ටේහ්යුන්ග්..."මගේ නම ඇහෙනවත් එක්ක මම කාර් දිහා බැලුවා එතකොටයි දැක්කේ ඒක ඇතුලේ ඉන්නේ ජන්කුක් කියලා...

"ආහ් ජන්කුක්...."මම කාර් එක ලගට ගියා..

"ඕ ඔයා ඇයි මෙතන? හොස්පිට්ල් එකේ නේද ඉන්න ඕනේ..."

"ආහ් මන් මේ හොස්පිට්ල් එකේ ඉදන් යන ගමන්..."

"ඕ එහෙමද ඒත් කෝ ඔම්මා? දැන් ඔයා කොහෙද යන්න හදන්නේ..."

"ඔම්මව නවත්තගත්තා ජන්කුක් ආහ් මන් ගෙදර යන්න හදන්නේ..."

"ආහ්හ්.... එහෙනම් නගින්න ටේහ්යුන්ග් මාත් යන්නේ මේ පැත්තට ඔයාවත් දාගෙන යන්නම්.."

"ඒහ් ඕනේ නෑ ජන්කුක් තව ටිකකින් බස් එකක් එයි එතකොට මට යන්න පුළුවන්, ඔයා යන්න...."

"ඔය ඉතින් ම්ම්ම් කැමති නැත්නම් කමක් නෑ ඉතින්......"

"ආහ් න්..නෑ එහෙම එකක් නෙවෙයි..."

"එහෙනම් නගින්න ඉතින්.."

"හ්ම්ම්..." මම කාර් එකට නැග්ගා. දැන් විනාඩි 10ක් විතර මම කාර් එකට නැගලා ඒත් එයා මාත් එක්ක තවම කතා කරේ නෑ. මොකද දන්නේ නෑ....

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now