Chapter 14

261 34 61
                                    

Author pov...

ලිසා ඔෆිස් එකෙන් ගියා විතරයි ආපහු ඇතුලට ආවේ ජින්...

"ජින් හියුන්ග්.." ජන්කුක් ඉදන් හිටපු පුටුවෙන් නැගිටලා ඇහුවා.. ඒත් එක්කම හොබී හැරුනේ කවුද ආවේ කියලා බලන්න, ඉන්නේ එයාගේ ලවර් කියලා දැක්ක හොබීගැ කටින් එක පාරටම මස් කෑල්ල පැන්නා...

"කැහ්.. කැහ්..." හොබීට කෑම හිර වුනා වගේ කහින්න ගත්තම ජන්කුක් ඉක්මනින් එයා ලග තිබ්බ වතුර එක හොබීට දුන්නා..

"හොබියො මොකෝ උනේ..."

"නෑ නෑ...."

"ආහ් හියුන්ග් මොකෝ මේ පැත්තේ..."

"ආ පොඩි දෙයක් දැනගන්න ආවේ ජන්කුක්, ඒහ් හෝසොක් ඔයාට මොකද උනේ අමාරුද?"ජිනුත් ටිකක් බය වෙලා වගේ හොබීගෙන් ඇහුවා...

"අ...ආහ් න්...නෑ ජින් මේ කෑම එක හිර වුනා ඒක දැන් හරි..."හොබී කිව්වේ ගොත ගගහා....

"ආ හියුන්ග් එන්නකො අපිත් එක්ක කෑම ටිකක් කන්න.. හොබිත් කැමති වෙයි එයා හදපු කෑමනේ.. නේද හොබියෝ....."ජන්කුක් ජින්ට එයාලා එක්ක කෑම කන්න කතා කරා...

"ඈ....ඕ ඕව්...."

"එන්න හියුන්ග් වාඩි වෙන්න..."ජන්කුක් එහා පැත්තෙ තිබ්බ පුටුව අරන් මේසේ ගාවින් තියලා ජින්ට අඩ ගැහුවා...

තුන්දෙනා එක්කම හොබී ගෙනාපු කෑම එක රස විදින්න ගත්තා. හොබී නම් හිටියේ රතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න..

"හේයි හොබියෝ මොකද බන්..." ජන්කුක් ඇහුවේ රතු වෙලා ඉන්න හොබීගෙන්..

" ආ...ආහ් නෑ නෑ මුකුත් නෑ.."

"හ්ම්ම්, මේ හියුන්ග් මොකක්ද අර දැන ගන්න තියෙනවා කිව්වේ.. "

"ආහ් ජන්කුක් අර මතකද එක දවසක් ඔයා මන් ලගට පිරිමි ළමයෙක් එක්කන් ආවේ තුවාල වෙලා... "ජින් කිව්වම ජන්කුක් කල්පනා කරේ කවුද කියලා ඒ...

"ඒහ් අර ටේහියුන්ග්ද?? හියුන්ග්...."

"ආ ඔව් ඔව් එයා තමයි...."

"ඉතින් හියුන්ග් ඇයි එයාව ඇහුවේ..." ජන්කුක් කල්පනා කරන ගමන් ඇහුවා..

"ආහ් ජන්කුක්, එයාගේ ඔම්මා අසනීපෙන් නේහ් ඉන්නේ..."

"අසනීපෙන් ඒ කිව්වේ?.. "ජන්කුක් ඇහුවේ පුදුමෙන් එයා එහෙම දෙයක් දැන ගෙන හිටපු නැති නිසා...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now