Chapter 16

216 34 20
                                    

Author pov...

At coffee shop..

"හියුන්ග් තාම නෑනේ අර දෙන්නා.." ජන්කුක් කිව්වේ එයාගේ කොෆි එක බොන ගමන් ශොප් එකේ දොර දිහා බලන ගමන්..

"අයියෝ කුක් තව විනාඩි දහයක් විතර තියෙනවා, ඔයා මේ වේලාසනින් ආවට. අනික මොකද ඔච්චර හදිස්සි?..." ජින් ඇහුවේ ටිකක් සැරෙන්...

"ආ... මේ නෑ හියුන්ග් හේ නිකන් ඉතින් ඔයාටත් යන්න පරක්කු වෙනවා නේ ඒකයි.." ජන්කුක් එයාගේ හා හිනාව දාන ගමන් කිව්වා..

"ආහ් මට එහෙම පරක්කුවක් නෑ. දැන් ඔයා කලබල නොවී ඉන්නකෝ එයාලා එයි තව ටිකකින්.." ජින් කිව්වේ දොර දිහා බලන් ඉන්න ජන්කුක්ට...

"ම්ම්ම් මේ හියුන්ග් ඒක නෙවෙයි, දැන් ඔයයි හොබියි කපල් එකක්ලු නේද?"අමුතු හිනාවක් දාන ගමන් ජන්කුක් ඇහුවේ ජින්ගෙන්.. ජින් නම් බලන් හිටියේ මෙයාට දැන් මන් මොකක් කියන්නද වගේ..

" ආ මේ ඔ..ඔව් ඔයා කොහොම්......."

" ආහ් හියුන්ග් මට හොබියා කිව්වා. දැන් අන්න ඌ ගෙදර පිස්සෙක් වගේ නට නට ඉන්නවා."ජන්කුක් කිව්වේ හයියෙන් හිනා වෙන ගමන්මයි. ජින් නම් තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා..

"ඕහ් කුක් අර ටේහ්යුන්ග් නේද?" ටික වෙලාවක් ජන්කුක්යි ජිනුයි කියව කියව ඉද්දි, ජින් දැක්කා කොෆි ෂොප් එකට ඇතුල් වෙන ටේහ්යුන්ග්වයි, ජිමින්වයි. ජින් ජන්කුක්ට කිව්වා විතරයි ජන්කුක් හැරුනේ මොකෙක්ද වගේ. ඇත්තට ඒ බෙල්ල හරවපු විදිහට කැඩුනෙ නැති එක පුදුමයි🙂...

"ඔව් ඔව් එයා තමයි...." ජන්කුක් කිව්වේ හෙන සතුටින් ජින් ජන්කුක් දිහා බලන් හිටියේ පුදුමෙන්.

"මේ ඒ අර ඉන්න අනිත් පිරිමි ලමයා ඔයාගේ අන්කල්ගේ පුතාද?"

"ඔව් ඔව් හියුන්ග්..තාම අපිව දැක්කේ නෑ හියුන්ග් ඒ දෙන්නා. ඉන්න මම ගිහින් ඒ දෙන්නව එක්කන් එන්නම් මෙතනට..." ජන්කුක් එහෙම කියලා නැගිට්ටා විතරයි ජිමින් දැක්කා ජන්කුක්ව, ජිමින් ටේහ්යුන්ග්වත් ඇදගෙන ජන්කුක්ලා හිටපු මේසේ ගාවට ආවා....

" ඕහ් හායි ටේහ්යුන්ග්, ජිමින්...." ජන්කුක් කිව්වේ දත් තිස්දෙකම එළියේ දාගෙන. ජිමිනුයි ටේයිත් කුක් දිහා අමුතු විදියට බලලා හායි කියලා කිව්වා...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now