Chapter 12

226 33 40
                                    

Author pov..

ටික වෙලාවකින් ටේ ලෑස්ති වෙලා ඇවිත් ඔම්මා හදපු රාමෙන් ටිකකුත් කාලා ගෙදරින් පිටත් වුණේ යුනී එකට යන්න. පැය කාලක් විතර බස් හෝල්ට් එකට වෙලා බලන් ඉදලා සෙනග පිරිලා ආපු බස් එකකට නැග්ගේ යන්න තිබුණ හදිස්සියත් එක්කයි.

කොහොම හරි ඒ බස් එකේ හිර වෙලා තැලිලා පොඩි වෙලා යුනී එක ගාවටම ආව ටේ ඒකෙන් බැහැල ටික වෙලාවක් යනකන් එතන ඉදන් හොඳට හුස්ම ගත්තා.

ටේ යුනී එකේ cafeteria එකට ඇවිත් බීම එකක් අරගෙන එතන තිබුණ මේසෙකින් වාඩි බොන්න ගත්තා. ටේ දැක්කා එයා පැත්තට කොල්ලෙක් එනවා එයා දිහා බලාගෙනම.. නොහිතපු විදිහට ටේ ඉදන් හිටපු මේසේ ගාවටම ආපු ඒ කොල්ලා ටේට හායි කිව්වා..

"හායි...."ටේ තුශ්නිම්භූත වෙලා ටික වෙලාවක් ඒ කොල්ලා දිහා බලන් ඉදියා..

"හේයි මම ඔයාට කතා කරන්නේ..." ඒ කොල්ලා ආපහු හිනා වෙලා කිව්වම ටේ හොඳ සිහියට ආවා..

"ආහ් ස්...සොරී හෙලෝ..."

"ඔයා ටේහියුන්ග් නේද? "ටේ පුදුම උනේ එයාගෙ නම කොහොමද මේ කොල්ලා දන්නේ කියලා..

"ඔ...ඔව්...."

"මම මෙතනින් වාඩි වෙන්නද?" ඒ කොල්ලා එතනින් වාඩි වෙන්න ඇහුවම කියාගන්න මුකුත් තේරුන්නැති ටේ ඔලුව වනලා හා කිව්වා..

"ඒහ් ඔයා කවුද කියලා කියන්නකො..."

"ආහ් මම යේජූන්... මාව මතකද දන්නේ නෑ ඔයාට..." මොකක් මෙයා යේජුන්ලු ඒ කවුද තව මතකද කියලත් අහනවා.. ටේ හිතින් එයාටම කියා ගත්තා..

"ආහ් ඇත්තටම මට මතක නෑ ඔයාව..."

"අයියෝ ටේ ඔයාට ඇත්තටම මාව මතක නැද්ද Seoul කොලේජ් එකේ යේජුනා බන් මම..."මොකාක් මේ එයාද ටේ පුදුම වෙලා යේජුන් දිහා බලාගෙන හිටියා..

"ඒහ් සිරාවටම මේ උබද?" ටේ යේජුන්ගේ උඩ ඉදන් යටටම බැලුවා..

"ඔව් යකෝ උබලා දැන් අතීතේ අමතක කරලා දාලා නේද ඉන්නේ..."

"අනේ එහෙම එකක් නෙවෙයි බන් ඇත්තම කිව්වොත් උබ ගොඩක් වෙනස් වෙලා ඉස්සර තිබ්බ මෝඩ පාට ගිහින් බන් ඒකයි අඳුර ගන්න බැරි වුණේ..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now