Chapter 13

246 37 26
                                    

After two week..

Author pov...

සති දෙකක්ම කොහොම කොහොමෙන් හරි ගෙවිලා ගියා.. ටේහ්යුන්ග් යුනී යනවා රෙස්ටුරන්ට් එකට යනව ආපහු ගෙදර යනවා, ඒක තමයි ඉතිම් එයාගේ ජීවිතේ. ජිමින් ගැන කිව්වොත් එයා දැන් සුගා ඉන්න පැත්තක්වත් බලන්නේ නෑ දැන් ඒ තරමට ලැජ්ජ හිතිලා..

ටේහ්යුන්ග් රෙස්ටුරන්ට් එකේ මේසෙකට වෙලා නම්ජුන් එක්ක බර කතාවක හිටියේ.. එයාලගේ කතාවට බාධා කරමින් එතනට ආවේ පිරිමි ළමයි දෙන්නෙක්...

ටේහියුන්ග් මේසෙන් නැගිටලා ගිහින් ඒ පිරිමි ළමයි දෙන්නට කතා කරා..

"හෙලෝ සර්, ඔයාලට මොනවද ඕනේ?..." ටේ ඒ එක පිරිමි ළමයෙක් ගෙන් ඇහුවා..

"ආහ් අපි කෑම තුනක් ගන්න කියලා ආවේ.." එතන හිටපු එක පිරිමි ළමයෙක් ටේ අහපු දේට උත්තර දුන්නා..

"ආහ් වාඩි වෙන්න සර් ඉන්න මම මෙනූ එක අරන් එන්නම්.." ටේ එහෙම කියලා එතන තිබ්බ මේසේ පිහදාලා ඇතුලට යන්න හැදුවා..

"ඕහ් ඉන්න ඉන්න...අපි දැන් කන්නේ නෑ අරගෙන යන්න ආවේ.."

"ආහ් එහෙමද සර්.. ඉතිම් සර්ලට මොනවද ඕනේ."

"මේක ප්‍රසිද්ධ මොනවටද?" ඒ එක පිරිමි ළමයෙක් ටේගෙන් ඇහුවා..

"ගොඩක්ම රාමෙන් වලට තමයි..." ටේ හිනා වෙලා කිව්වා..

"ම්ම්ම් එහෙනම් මට රාමෙන් තුනක් දෙන්න..."

"ඕකේ සර් විනාඩියක් ඉන්න...". ටේ එහෙම කියලා කිචන් එකට දිව්වා...

"හියුන්ග් හියුන්ග්..."

"මොකෝ මොකෝ ටේහ්..."

"මේ අර දෙන්නට රාමෙන් තුනක් ඕනෙලු..."

"ආහ් ඔයා ප්ලේට්ස් එහෙම හෝදලා ගන්න මම හදන්නම්.."

"ගෙනියන්නලු අයියෝ..."

"ආහ්... විනාඩි 10ක් ඉන්න කියන්න"

"හරි හියුන්ග්..."

ටික වෙලාවකින් නම්ජුන් හදලා පැක් කරලා දුන්න රාමෙන් තුන ටේ ගිහින් ඒ එක පිරිමි ළමයෙක්ට දුන්නා. එයාලත් ඒ කෑම වලට ගෙවීම් කරලා එතනින් ගියා..

ඒ යනවත් එක්කම රෙස්ටුරන්ට් එකට තවත් කපල් එකක් ආවා, ඒ දෙන්නත් ඕඩර් කරපු කෑම ටික ඒ කපල් එක උන්න මේසෙට ටේ ගිහින් දුන්නා..

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now