Chapter 9

270 45 16
                                    

Taehyung pov...

මම ජිමින්ගෙ ගෙදරට ඇවිත් දැන් පැය බාගයක් විතර වෙනවා, ආන්ටිටත් විශ් කරලා ඇවිත් මායි ජිමිනයි මුලු සාලෙම සරසන්න ගත්තා..

"ජිමිනො..." මම ජිමිනට කතා කරෙ අර එයාගේ හියුන්ග් අද එනවද නැද්ද බලන්න, මොනා වුනත් අහල බලන්න එපැයිනේ අපි ඒ මනුස්සයා එද්දිත් මෙතන ලෑස්ති කර කර හිටියොත්...

"ඕ ටෙයියෝ..."

"ම්..මේ අර උබේ හියුන්ග් කීයටද එන්නේ...."

"අයියෝ මම එන වෙලාවක් නම් දන්නේ නෑ, අප්පා එන වෙලාවට එයි මම හිතන්නේ..."

"හ්ම්ම් එහෙමද..."

"මොකෝ බන් හියුන්ග් ගැන හැමතිස්සෙම අහන්නෙ..."අප්පේ ඇහුවා නේද මූ දැන් මොකක්ද කියන්නේ?

"ආහ් නෑ බන් නිකන් ඇහුවෙ.."

"අනේ නිකං පල යන්න උබ එයාව සෙට් කරගන්නවත් ප්ලෑන් ගහනවද?"ඈහ් මේකට පිස්සුද?

"අනේ පලයන් බං.. මට ආසාවක් නෑ.. අනික උබ වගේ කොටෙක් වුණොත් ඒකත්..."

"බූරුවා එන්න එපා කොටා කියාගෙන, හැබැයි එයා උසයි හැන්ඩ්සම් මම හිතන්නේ බැරි වෙලාවත් උස වුණොත් එහෙම සෙට් කරගන්නව එහෙම නෙවෙයි..."

"අනේ කොටෝ යමන් යන්න මට පිස්සු නෑ, උබ වගේ කිරි පූසොත් එක්ක යාලු වෙන්න..දැන් කටපියන් ඕක ඔතනින් තියල ඇවිත් මේක අල්ලපන්.... මම ජිමිනට කෑගැහුවා....

"හා හා මොකක් ඔහොම හිටපන්... කවුද බන් කිරි පූසා...🤔 ඈහ් උබ සුගා හියුන්ග්ටද කිරි පූසා කිව්වේ..."

"ඔව් බන් වෙන කාටද බලපන් පේන්නේ නැද්ද කිරි පාටට බැබලි බැබලි පූසෙක් වගේ ඉන්නේ..."

"අනේ නිකං පලයන් යන්න, හිටපන්කො උබත් හොයා ගනියි නේ කාව හරි එතකොට මාත් උබේ පටි රෝල් කරන්නම්කො..."

"ආහ් එහෙමද ඒවා හැබැයි හඳේ තමයි මගේ කොට ජීවියො..."

මමයි ජිමිනයි කොහොමෙන් කොහොම හරි රණ්ඩු වෙවීම මුලු සාලෙම සැරසුවා. මම ඇවිත් පුටුවකින් වාඩි වුණාම ජිමිනුත් ඇවිත් පුටුවට වැටුනේ පන නැති මළ කඳක් වගේ..

"ටෙයියො මට මහන්සියි...."

"මටත් බන්..."

"උබට කියන්න මම මෙහෙම කවදාවත් වැඩ කරලා නෑ..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now