Chapter 23

163 25 11
                                    

"ඈහ්හ්හ්හ්....."

"ජ්...ජන්කුක්..."

ඔව් ජින්ගෙයි හෝසොක්ගෙයි ඒ සුන්දර මොහොතට කඩා පාත් වුන හෙනහුරා ජන්කුක්. හෝසොක් නම් හොඳටම බය වෙලා. ජිනුත් ජන්කුක් දිහා බලන් හිටියේ කරකියාගන්න දෙයක් නැති කමට....

"ජන්කුක් තමයි හම්මෝ තව ඩින්ගෙන් නූල් බදින්න වෙනෝ මට...."ජන්කුක් කිව්වේ හෝසොක් දිහා බලන ගමන්මයි. හෝසොක් නම් දැන් රතු වෙලා හොඳටම...

"මොනවද යකෝ සාලේ මැද කරන්නේ හොබියෝ අච්චර මහ විසාල කාමරයක් තියෙන්නේ හියුන්ග්වත් එක්කගෙන ගිහිම් ඒකේ කරගන්න දෙයක් කරගනින්කෝ. මෙතන ඉදන් අහිංසකයන්ගේ ඇස් දූසනේ කරන්නේ නැතිව..."

"අ..මේ මේ..... "හෝසොක් කට අරිනවද නැද්ද කියලා කල්පනා කරේ මොකද හෝසොක් කැමති නෑ එයාගේ ඉතුරු වෙලා තියෙන නම්බුවෙන් පොඩ්ඩ හරි ආපහු දිය වෙලා යනවට ඒත් නම්බුව බල්ලට ගියාවේ කියලා හෝසොක් කට ඇරියා....

"අනේ මේ හු@#& මගෙන් අහගන්නේ නැතිව හිටපන්. උබ උබ අහිංසක?? හහ් උබ අහිංසකයි කිව්වොත් අහිංසකයන්ට කියන්න එකක් නැති වෙනවා. තොට බලන් ඉන්න බැයිනම් පලයන් කාමරේට ඇයි යකූ හුහ්....."හෝසොක් ජන්කුක්ට බැනලා ඉවර වෙලා එහා පැත්ත හැරෙද්දි දැක්කේ එයා දිහා අමුතු විදියට බලන් ඉන්න ජින්ව...

"අ..ආ හ්..ජිනි...නී මේ මේ මූ......."

"හෝසු ඔයාගේ කටනම්......."

"ඔව් ඔව් හියුන්ග් දැක්කනේ දැන්, අද දැන ගත්තා නේද මුගේ හැටි. හියුන්ග්ට දෙවි පිහිටයි ඉතින් මූව බැඳගත්ත දවසට...." ජන්කුක් කිව්වේ හයියෙන් හිනා වෙන ගමන්...

"අ..අනේ හ්..හු............" හෝසොක් කියන්න ගිය එක නතර කරේ ජින් හෝසොක් දිහා බලන් හිටපු නිසයි...

"ඇති ඇති රණ්ඩු කරා දෙන්නා.. ඉතින් ජන්කුක් ඇවිත් වාඩි වෙන්න මහන්සිත් ඇතිනේ.."ජින් කිව්වේ තාම දොර ලග හිටගෙන හෝසොක්ට හිනා වෙවී ඉන්න ජන්කුක්ට. ජින් කියනවත් එක්කම ජන්කුක් ඇවිත් සෝෆා එක උඩට බෑග් එකත් අතෑරලා වාඩි වුනා...

"ඉ...ඉන්න මන් බොන්න මොනවා හරි හදන් එන්නම්..." හෝසොක් ජන්කුක්ටත් ගස්සගෙනම කුස්සියට ගියා...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now