Chapter 11

229 33 14
                                    

Taehyung pov...

"අම්මෝ ඇති යාන්තම් එයාලා ගියා..." මම හොඳ හුස්මක් අරන් පිට කරා...

"ටෙයියො අනේ මට දුකයි....." මේ මොකද මේ ජිමිනා අඩන්න වගේ මූණ හදන්...

"ඇයි බන් මොකෝ ජිමිනො අඩන්න වගේ...." මම ජිමිනා ගාවට ලන් වෙලා ඇහුවා...

"ඈහ් යකෝ මම අඩන්නේ නෑ මට දුකයි හෝසොක් හියුන්ග් ගියානේ.. උබටත් දුක ඇති ජන්කුක් හියුන්ග් ගිය නිසා නේද?..."

හපෝ මේකටද මූ මේ වැලහින්නක් වගේ ඉන්නේ..මොකක් නෑ නෑ මූට පිස්සුත් හැදිලා දුකටම....

"ඕහ් ඒකද මේ... හපෝ නෑ නෑ ඇයි මම දුක් වෙන්නේ ඒ යකා ගියාම..." මම ජිමින්ගෙන් ඇහුවා, මොකක් මම යකා කියලා නේද කිව්වේ...

"ටේ....? "ජිමින් මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා අයියො...

"න්...නෑ නෑ මේ ජ..න්ක්කුක්..."

"ආහ් දැන් එයා යකා නේ හරි හරි ඉතින් ඔහොම යමුකෝ..." අයියෝ මෙයා මොනවද කියන්නෙ...

"කොහෙද? අනේ පිස්සු කතා නොකර හිටපන්....."

"හ්ම්ම් හ්ම්ම් මේ දැන් ඇතුලට යමු සීතයි ඕයි...."

"මායි ජිමිනයි ගේ ඇතුලට ආවා, ආපහු පුටු දෙකකින් වාඩි වෙලා ටික වෙලාවක් අපි දෙන්නා එක එක බූත කතා කර කර හිටියා...."

"මේ එතකොට උබ හෙට එන්නේ නැද්ද?" මෙන්න මේකා හෙට කැම්පස් එන්නේ නෑලු....

"නෑ ටේ??..."

"ඒ ඇයි අනේ ඕයි මට බෑ තනියම ඉන්න.... "

" අනේ ඇගට හරි නෑ බන් ඒකයි...."අම්මො මේකා කියන බොරු...

"අනේ පල පල කොටෝ යන්න බොරු කියන්නේ නැතුව..."

"බොරු නෙවෙයි බන් ඇත්තමයි...". ඇත්ත හහ් යකෝ පොලව පලන් යන්නේ මේ බොරු වලට... මේකා අර එදා වැඩ කරලවත් නැතුවද? බලමු අහලම...

"හාකො... ආ ආ දැන්නේ මතක් උනේ උබ අර දුන්න ෆයිල් ටික ඉවර කරේ නෑනේ..."

"ම්ම්හ් නෑ නෑ ඒක නිසා නෙමෙයි ඇත්තටම මට ඇගට අමාරුයි ඒකයි..."ඉතින් ඉතින් මේ යකා තවත් බොරු කියනවා..

"අනේ මේ මම උබට ගෙදර ගිහින් මම ලියපු ටික දාන්නම් කරහන් ඒ ටික කම්මැලි නොවී.. කරලා හෙට වරෙන්"

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now