Chapter 22

168 28 44
                                    

කතාව මතකද ඔයාලට👀🙂🤧

Tae pov...

"ආහ් මේ ඉන්නේ කොල්ලා...." හපොයි දැක්කානේද...

"හේ ආ අන්කල්..."

"පැනලා යන්න නේද හැදුවේ මාව දැකලා කොල්ලා...."

"න්...නෑ අන්කල් මන් දැක්කේ නෑ අන්කල්ව...."

"අන්කල් නෙවෙයි කවද්ද මට සල්ලි ටික දීලා ඉවර කරන්නේ ආහ්..."

"අනේ අන්කල් පෙරේදත් මන් සල්ලි ටිකක් දුන්නානේ පොඩි කාලයක් දෙන්න මන් ඉක්මනින් සල්ලි ඔක්කොම දෙන්නම්.."

"ටේහ්යුන්ග් තමුන් ඕක හැමදාම කියනවා මන් මැරුනයින් පස්සෙද සල්ලි දෙන්නේ ආහ්හ්?"මැරුනයින් පස්සේ දෙන්නත් මැරෙන්නෑනේ ඔහේ, පොඩ්ඩක් ඉවසලා හිටාම් මනුස්සයො මාත් ඉක්මනින් දීලා ඉවර කරන්නම්... මන් හිතින් කියාගත්තා...

"මොකද සද්ද නැත්තේ ආහ්හ්?.."

"ආ අන්කල් මන් අනිවාර්යයෙන්ම දෙන්නම් තව ටික දවසක් දෙන්නකෝ අන්කල්..."

"ම්ම්ම් තව සතියයි, සතියෙන් දීලා ඉවර කරන්න නැත්තම් මන් පොලීසි යනවා. ණය ගත්තා නම් ඒවා ගෙවන්නත් දැන ගන්න එපැයිනේහ්. තේරුමක් නැති දේවල් වලට ණය අරන් වියදම් කරනවා බොරුවට..."තේරුමක් නැති දේවල් ඇයි මේ මනුස්සයා එහෙම කියන්නේ මන් ඒ සල්ලි ගත්තේ ඔම්මව සනීප කරගන්න නේහ් මම අනික ඒවා නොගෙව ඉන්නෙත් නෑනේ.....

"එහෙම කියන්න එපා අන්කල්, මම හේතුවක් ඇතිව නේහ් සල්ලි ඉල්ල ගත්තේ. මම තව දවස් කිහිපයක් ඇතුලත ණය කොහොම හරි ගෙවන්නම්...."

"මන්දන්නෑ ඒවා ඔව් ඒක හොඳයි මන් එහෙනම් යනවා. කොල්ලෝ මගේ සල්ලි ටික නොදී පැනලා යනවා එහෙම නෙවෙයි......."

ආහ්හ් මේ වගේ වෙලාවට කොච්චර අසරණ වෙනවද? දැන් මන් මොකද කරන්නෙ කොහොමද සතියක් ඇතුලත එච්චර ලොකු මුදලක් හොයන්නේ මන්...

මන් ඒ ගැන හිත හිතම ගෙදර දොරත් ඇරන් ඇතුලට ගිහින් පුටුවකට බර වුනේ මහන්සියටයි දුකටයි දෙකටම... මන් ගාව වටින කියන දෙයක්වත් නෑ උකස් තියලවත් සල්ලි කීයක් හරි ගන්න. ආපහු රෙස්ටුරන්ට් එකේ වැඩට යන්න වෙනවා ඒත් සතියක් ඇතුලත එච්චර සල්ලියක් හොයාගන්න..

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now