(01) රක්ත සේලය

646 85 19
                                    


හිරැ අවධිය සනිටුහන් වීමටත් පෙරම අවධි ව තද නිලකට හුරැ අහසේ විසිරි ඇති අකීකරැ වළා රටාවන් වෙත ගැඹුරැ දෑසක් යොමු වී සිටියා.

පැවති කොලහාලයෙන් පසු එළඹ තිබු නිහැඬියාව බිඳ දැමීමට උත්සුක වුයේ නොහික්මුණ විහඟුන් පමණක් වන විට තරැණයා සන්සුන්ව තම දෑස් වසා හොඳ හුස්මක් ලබා ගත්තා.

බෙක්ජේ ශිල්ලා රාජධානි මායිම දෙස තම දෑස් යොමා ගෙන සිටි තරැණයා තම අසු පිටට නැගුණා.


" දොක් මො.. මෙහි රැකවලට ඇවැසි පිරිස පමණක් රඳවා ඉතිරි සේනාව සමඟින් බෙක්ජේ මාළිගය වෙත පැමිණෙව... මා දැන් පිටත් වනු ඇත...! "

" එසේය.. සෙම්පතිතුමනි... "

අණදෙන නිළධාරි දොක් මො වෙත නියෝගය ලබා දුන් තරැණ සෙම්පතියා හීයක වේගයෙන් බෙක්ජේ ශිල්ලා මායිමෙන් ඉවතට ඇඳුනේ තම නිවහන වු බෙක්ජේ සුළඟ තව තවත් කපා හරිමින් ය.

හිමිදිරි උදෑසනටත් ප්‍රථම තම ගමන ඇරඹු තරැණයා හිරැ අවරට යාමට මත්තෙන් උන්ජින් වෙත පැමිණියේ එකඳු විවේකයක්වත් නොලබමිනි.

උන්ජින් මධ්‍යයේ අහස් කුස ඇල්ලීමට තැත් කරන බෙක්ජේ මාළිඟ දොරටු ගොඩනැගිලි දෙස මදක් බලා සිටි තරැණයා අසු පිටින් බැස මාළිඟයේ ප්‍රධාන ද්වාර වෙත ඇවිද ගියා.

" සෙ...සෙම්පතිතුමා..... පැමිණලා... වහා ද්වාර විවර කරනු....!!! "

දොරටු රැකවලෙහි උන් සෙබලුන් කෑ ගසන විට සිහින් ශබ්දයක් සමඟින් විවර වුන ද්වාර නිසා නිරාවරණය වු බෙක්ජේ මාළිගය වෙත සෙම්පති තම පියවර නැගුවා.

ඔහුගේ පියවරක් පියවරක් පාසා මාළිගයේ උන් සියල්ලොගේම අවධානය ඔහු වෙත යොමු වන විට තරැණ සෙම්පතියා සැහැල්ලුවෙන් උවවත් ගාම්භීර ලෙසින් මාළිගය වෙත ගියා.



" අධිරාජයාණනි... බෙක්ජේ සෙම්පති මෙහි පැමිණ ඇත.....! "


රාජමන්ත්‍රණ ශාලාවේ ද්වාර විවර වනවාත් සමඟම අධිරජු ඉදිරියට පැමිණි සෙම්පති තම දණ නවා අධිරජුට ආචාර කලේ අධිරජු ආඩම්බර ලෙස සිනාසෙන විටයි.

" සෙම්පති....... "

" අධිරාජයාණනි... ශිල්ලාව සමඟ පැවති යුධය සමථයකට පත් වුන හෙයින් අපගේ බෙක්ජේ සීමාව දැන් ස්ථාවරයි.."

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now