(15) අමුත්තකුගේ පැමිණිම

126 45 23
                                    

අතීතය වෙනස් කිරීම හෝ කාලය නවතා දැමීම හෝ හුදෙක් නිශ්ඵල ක්‍රියාවක් වග ගාරම් හොඳින් දැන සිටියත් ඈ එලෙස කිරීම ගැන සිතුවා. අතීතය වෙනස් කර.... මෙන් ම ගත වුන සතියට පෙර උදෑසන සොක්ජින් තමා හැරගිය මොහොතේ නතර වී ඔහු ව නවතාගැනීම පිළිබඳවත් ඉතා බොළඳ ලෙස ඇය චිත්තරෑප මැවුවා.

සොක්ජීන් යනු තාමට හුදෙක් එක් සිහිනයක් බව ගාරම් දැන සිටියත් ඇය බොළඳ ලෙසින් ඒ සිහිනය පසුපස හඹා යාමට පටන් ගෙන තිබුනා.




" අදට සතියක් ගත ව ගොසින්... සෙම්පතිතුමනි...! නුඹට මා නොවැටහෙන වග මා දන්නවා.. නමුදු.. නමුදු.. කිමද මේ සා වේදනාවක්.. මා හට උරැමව... වේදනාව දායද කොට ගෙන උපන්නත්... මෙය දැරිය නොහැකී... !! "







සොක්ජීන්ගේ දෑතින් නිම කළ ඇගේ ම සිතුවම දෙස බලාසිටි ගාරම්ගේ පළිඟු දෑසින් එක් කඳුලු බිඳුවක් ගලා ඒමට පටන් ගත්ත ද එහි ගමනාන්තය සනිටුහන සිතුවම හා බැඳිමට මධ්‍යයෙන් ඇය කඳුල ඇගේ සිහින් දෑඟිලි අතර පටලවා ගත්තා.

අරැථක් නොදත් හැඟීම් නිසාවෙන් ගිනියම් ව තැලෙන යකඩයක් බඳු හදේ වේදනාව පසෙකලා ඇය ඇගේ පළිඟු දෑස් පිසලා දැමුවා. සිතුවම සුරක්ෂිතව බහාලා ඇය ඇගේ ආලේපනයන් ගෙන මුහුණේ වුන හැඟිම් වසා දැමීම ඇරඹුවා.

කොපුල් මත රෝස පැහැ පියරැ ද ⁣සිහින් දෙතොල් ලා රෝස පැහැ සායමෙන් ද පළිඟු දෑස් අඟ පමණක් තද කාල වර්ණය ද තැවරෑ ගාරම් ඇගේ වත දෙස බලා සිටියා. කැඩපතින් පෙනන පළිඟු දෑස්වල කාන්තිය නිසා ඇය සැනසුම් සුසුමක් පහත හෙලා ව්‍යාජ ලෙසින් සිනහා වුනා.

නිතර තද පැහැ වර්ණයන්ගෙන් යුත් සේද තෝරා ගන්නා ගාරම් අද ඇගේ සිතැඟි පරිදි ලා පැහැති සේද වස්ත්‍රයකින් සැරසුනා.



" ගාරම්..නුඹ මේ හිමිදිරියේ කොහි යන්න ද.? "






ගාරම්ගේ කුටිය තුළ සුගන්ධ පහන දැල්වීමට පැමිණි සේවිකාව විමසුවා.



" මා මදක් පිටතට යනවා... කවුරැන් හෝ පැමිණිය හොත් මා අසනීපයෙන් වග පවසා පිටකරන්න...! "




" එසේය... "








ගාරම්ගේ කාන්තිමත් දෑස් දෙස බලාහිඳිම අපහසු වු තැන සේවිකාව හිස පහත හෙලා පවසන විට ගාරම් කුටියෙන් පිට වුනා. පළමු හමුවේදී ම ඇය ඇගේ හැඟිම් වසන් කිරීමේලා ඉතා සමත් බව හැඟිගියෙන් ගාරම්ගේ දෙ⁣තොලතර සිහින් සිනාවක් නැගුනා. එය ආඩම්බර බවින් හෙඹි ආත්ම විශ්වසනීයත්වය පිරැනු සිනිහවක් ය.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now